Fake News වලට රැවටුනා ඇති! Fact-Checking කරන හැටි සරලව ඉගෙනගමු

අද කාලේ Social Media වල අපි දකින හැම දෙයක්ම ඇත්තද? සමහර වෙලාවට ලස්සනට හදපු පෝස්ට් එකක්, සංවේදී කතාවක්, එහෙමත් නැත්නම් පුදුම හිතෙන photo එකක් දැක්ක ගමන් අපි ඒක share කරනවා. ඒත් ඒ තොරතුර ඇත්තද, නැත්තද, edit කරපුවාද, out-of-context (සන්දර්භය වෙනස් කළ) සත්‍ය දෘශ්‍ය අන්තර්ගතයන් ද, කියලා අපි කීයෙන් කී දෙනාද හොයලා බලන්නේ?

මේ විදිහට තොරතුරක නිරවද්‍යතාවය පරීක්ෂා කරන එකට තමයි Fact-checking (තොරතුරු තහවුරු කිරීම) කියලා කියන්නේ. හැබැයි මතක තබා ගන්න, ව්‍යාජ තොරතුරු පැතිර යාමේ මූලිකම හේතුව තාක්ෂණික මෙවලම් නොමැතිකම නම් නෙමෙයි, සන්දර්භය නොසලකා හැරීම (Lack of Context) සහ චිත්තවේගී ප්‍රතිචාර (Emotional Reactivity) යි.

ව්‍යාජ තොරතුරු පැතිර යාමේ මූලිකම හේතුව තාක්ෂණික මෙවලම් නොමැතිකම නම් නෙමෙයි, සන්දර්භය නොසලකා හැරීම (Lack of Context) සහ චිත්තවේගී ප්‍රතිචාර (Emotional Reactivity) යි. - Whisk

වගකීම් සහගත ඩිජිටල් පුරවැසියෙකු වීමට අවශ්‍ය වන්නේ Photo Forensics විශ්ලේෂණය කිරීමේ හැකියාව නොව, යමක් share කිරීමට පෙර "නැවතී, මූලාශ්‍රය පරීක්ෂා කිරීමේ" (Stop and Investigate) සරල පුරුද්දයි.

මේ ලිපියෙන් අපි මුලින්ම කතා කරන්නේ මේ විවේචනාත්මක චින්තන පුරුදු වර්ධනය කරගන්න පුළුවන් සරල ක්‍රමයක් ගැනයි. ඉන්පසු, ඔයාටම තනියම වඩාත් ගැඹුරු විශ්ලේෂණයක් සඳහා උදව්වෙන Tools (මෙවලම්) සහ Websites (වෙබ් අඩවි) ගැන සවිස්තරාත්මකව බලමු.

SIFT ක්‍රමය - Share කරන්න කලින් හිතන්න (SIFT Method - Think Before You Share)

critical thinking habits වර්ධනය කර ගැනීමට Mike Caulfield විසින් හඳුන්වා දුන් SIFT ක්‍රමය - Whisk

Tools  භාවිතා කිරීමට පෙර, critical thinking habits වර්ධනය කර ගැනීම වැදගත්. Mike Caulfield විසින් හඳුන්වා දුන් SIFT ක්‍රමය මෙයට මෙයට උදව්වක් වේවි. 

මේ සරල පියවර හතර පුහුණු වෙන්න උත්සහ කරන්න:

1. S - Stop (නවතින්න)

Share බොත්තම එබීමට පෙර තත්පර 10ක් නවතින්න. ඔබට යමක් දුටු විගස ඇතිවන චිත්තවේගී ප්‍රතිචාරය (කෝපය, පුදුමය, සතුට) හඳුනා ගන්න. ව්‍යාජ තොරතුරු නිර්මාණය කර ඇත්තේම ඔබගේ මෙම පළමු චිත්තවේගී ප්‍රතිචාරය ඔස්ස ඔබව මෙහෙයවීමටයි.

2. I - Investigate the Source (මූලාශ්‍රය පරීක්ෂා කරන්න)

මෙය පළ කරන්නේ කවුද? එය ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක්ද? නැතහොත් හුදෙක් සාමාන්‍ය  Facebook පිටුවක්ද?

එම පිටුවේ "About" කොටස බලන්න. ඔවුන් කවුද? කොහෙන්ද? විශ්වාස කළ හැකිද? පිටුව හදලා තියෙන්නේ කොයි වෙලාවටද? Followers ගණන කීයද? මීට පෙරත් මෙවැනි post පල කර තිබෙනවාද? ඒ වෙබ් අඩවිය හෝ ෆේස්බුක් පිටුවේ පල කිරීම් වල Bias රටාවක් ඔබට පෙනෙනවද?  

(මෙය Lateral Reading හෙවත් "පාර්ශ්වික කියවීම" ලෙස හැඳින්වේ - ඔබ දකින / බලන තොරතුරු මූලාශ්‍රය ගැන වෙනම හොයා බැලීම).

3. F - Find Better Coverage (වඩා හොඳ මාධ්‍ය ආවරණයක් සොයන්න)

එම පුවත වෙනත් විශ්වාසදායක මාධ්‍ය ආයතන (උදා: BBC, Reuters, AFP, හෝ දේශීය ප්‍රධාන මාධ්‍ය) වාර්තා කර ඇත්දැයි Google හි සරලව search කරන්න.

කිසිවෙකු ඒ ගැන කතා කරන්නේ නැතිනම්, එය බොහෝ විට ව්‍යාජ එකකි. මෙම පියවර සඳහාම Google Reverse Image Search වැනි මෙවලම් (මෙම ලිපියේ පහතින් සඳහන් කර ඇති) භාවිතා කළ හැක.

4. T - Trace Claims (මුල් සන්දර්භය සොයන්න)

පෝස්ට් එකේ සඳහන් මුල් වාර්තාව, ඡායාරූපය, හෝ වීඩියෝව සොයා යන්න. බොහෝ විට ඔබට හමුවන්නේ එය සම්පූර්ණයෙන්ම වෙනස් සිදුවීමකට අදාළ එකක් බවයි. උදාහරණයක් විදිහට, වෙන රටක පරණ photo එකක් ලංකාවේ සිද්ධියක් කියලා share කරන අවස්ථා ගොඩක් තියෙනවා.

ඡායාරූපය හෝ වීඩියෝව වෙනත් සන්දර්භයකින් ගෙන තියෙනවාද යන්න පහතින් සඳහන් කළ image හා video fact-checking tools භාවිතයෙන් පරීක්ෂා කරන්න ඔබට පුළුවන්.

💡
මතක තබා ගන්න: පහතින් සඳහන් කරන මෙවලම් ඔබේ විවේචනාත්මක චින්තනයට සහාය වන දේ මිස, ප්‍රතිස්ථාපනයක් නොවේ. SIFT ක්‍රමය භාවිතා කිරීමෙන් පසුව, වඩාත් ගැඹුරු විශ්ලේෂණයක් සඳහා මෙම මෙවලම් ප්‍රයෝජනවත් වේ.

Image-Based Fact-Checking Tools (ඡායාරූප මත පදනම් වූ තොරතුරු තහවුරු කිරීමේ මෙවලම්)

Image-Based Fact-Checking Tools (ඡායාරූප මත පදනම් වූ තොරතුරු තහවුරු කිරීමේ මෙවලම්) - laptopmag.com

බොහෝවිට Facebook වැනි සමාජ ජාලා වල සැරිසරද්දී අපිට සමහර වෙලාවට අපි දකින පුවත්, චායාරූප සිදුවීම් ගැන අපි කවදාවත් ඇත්ත නැත්ත හොයලා බලනවද?

යම් යම් අරමුණු වෙනුවෙන් විවිධ පුද්ගලයින් පරණ photo එකක් අලුත් සිදුවීමක් වගේ පෙන්නන, නැත්නම් Photoshop කරලා සම්පූර්ණයෙන්ම වෙනස් කරලා පෙන්වන අවස්ථා සමහර විට ඔබ දැකල ඇති. මේ වගේ දේවල් අල්ලගන්න මේ Image-Based Fact-Checking Tools පාවිච්චි කරන්න පුළුවන්.

1.  Google Fact Check Explorer

Google සමාගමෙන්ම හඳුන්වා දෙන The Fact Check Tools set

මේක Google සමාගමෙන්ම හඳුන්වා දෙන, විශේෂයෙන්ම fact-check වාර්තා සෙවීම සඳහා නිර්මාණය කරපු search engine එකකි. ඔබට සැක සහිත මාතෘකාවක් (topic) හෝ යම් ප්‍රකාශයක් (claim) මෙහි ඇතුළත් කිරීමෙන්, එම කරුණ සම්බන්ධයෙන් ලොව පුරා සිටින ස්වාධීන තොරතුරු තහවුරු කරන්නන් (independent fact-checkers) විසින් පළ කරන ලද වාර්තා සොයාගැනීමට පුළුවන්.

සරලව කිවහොත්, යම් පුවතක් දැනටමත් වෙනත් අයෙකු විසින් පරීක්ෂා කර ඇත්දැයි (already fact-checked) ඉක්මනින් දැන ගැනීමට මෙය හොඳම ක්‍රමයකි. Fact Crescendo, Watchdog (FactCheck.lk) හෝ AFP වැනි ජාත්‍යන්තර සහ දේශීය ආයතනවල වාර්තා පවා මෙමගින් එක තැනකින් සොයා ගත හැකියි.

ඔබට මෙම මෙවලම මෙතනින් පරීක්ෂා කළ හැක: toolbox.google.com/factcheck

2. TinEye

TinEye reverse image search engine එක - tineye.com

මේකත් reverse image search engine එකක්. හැබැයි TinEye විශේෂයෙන්ම යොදාගන්නේ ඔයා දුන්න image එකට හරියටම සමාන (exact match) හෝ සුළුවෙන් edit කරපු (edited match) පිටපත් හොයන්න.

මෙම tool එකේ  ඇති Unique Features අතර, ඡායාරූපය අන්තර්ජාලයේ මුලින්ම පළවූ දිනය (oldest) හෝ අවසානයට පළවූ දිනය (newest) අනුව ප්‍රතිඵල filter කිරීමට ඇති හැකියාව සහ ඡායාරූපයේ යම් යම් වෙනස්කම් සිදුකළ පිටපත් (edited versions) පවා සොයාගැනීමට ඇති හැකියාව විශේෂ වෙනවා. Web browser වෙත එන extension එකක් ලෙසත් මෙය භාවිත කරන්න ඔබට පුළුවන්.

ඔබට මෙම මෙවලම මෙතනින් පරීක්ෂා කළ හැක: tineye.com

RevEye Reverse Image Search Chrome web browser extension එක - squobble.com

මේක Chromium based web browser වෙත එන extension එකක්. ඔයා බලන වෙබ් පිටුවක තියෙන ඕනම image එකක් උඩ right-click කරලා එකපාර Google, Bing, TinEye, Yandex කියන search engines හතරේදීම reverse image search කරන්න මේ හරහා පුළුවන්. 

ඔබට මෙම මෙවලම මෙතනින් ලබාගත හැක: https://chromewebstore.google.com/detail/reveye-reverse-image-sear/keaaclcjhehbbapnphnmpiklalfhelgf

4. FotoForensics

forensic-level analysis කරන්න උදව්වෙන FotoForensics - fotoforensics.com

මේක ටිකක් සංකීර්ණ, ගැඹුරු forensic-level analysis කරන්න උදව්වෙන tool එකක්. Photo එකක් edit කරලා තියෙනවාද කියලා compression level එකේ වෙනස්කම් වලින් හොයාගන්න පවා මේක උදව් වෙනවා. මෙම මෙවලම වඩාත් සුදුසු වන්නේ ඡායාරූපයක Photoshop වැනි මෘදුකාංග මඟින් සිදුකළ සංස්කරණයන් වැනි දේවල් ඉතා ගැඹුරින් විශ්ලේෂණය කිරීමටයි.

ඔබට මෙම මෙවලම මෙතනින් පරීක්ෂා කළ හැක: https://fotoforensics.com 

Video-Based Fact-Checking Tools (වීඩියෝ මත පදනම් වූ තොරතුරු තහවුරු කිරීමේ මෙවලම්)

Video එකක් verify කරන එක image එකකට වඩා තරමක් අමාරුයි. විශේෂයෙන්ම revesre search කරලා, ඒත් මේ tools වලින් ඒක කරගන්න ඔබට උදව්වක් ලැබේවි. 

1. InVID-WeVerify

මේක image සහ video දෙකම තහවුරු කරන්න හදපු බලවත් tool එකක් විදිහට InVID-WeVerify හඳුවන්න පුළුවන්. විශේෂයෙන්ම මාධ්‍යවේදීන් අතර මේ tool  එක ජනප්‍රියත්වයක් උසුලනවා. ඡායාරූපයක හෝ වීඩියෝවක metadata (දත්ත පිළිබඳ දත්ත) විශ්ලේෂණය කර එහි මුල් පිටපත (original) ද යන්න තහවුරු කරගත හැකිවීම, වීඩියෝවක් frames (රාමු) වලට වෙන් කර, එම එක් එක් රාමුව වෙන වෙනම reverse image search කිරීමට හැකියාව පවා මේ tool එක සතු වෙනවා. මෙය Chrome browser extention එකක් ලෙසද ඔබට භාවිත කරන්න හැකියාව තිබෙනවා. 

ඔබට මෙම මෙවලම මෙතනින් පරීක්ෂා කළ හැක: www.invid-project.eu/tools-and-services/invid-verification-plugin/

ඉහත සඳහන් කරපු tools වලට අමතරව Deepfake සහ AI වලින් හදපු, වෙනස් කරපු images සහ videos හොයන්න ප්‍රධාන වශයෙන් AI තාක්ෂණය භාවිතා කරලා දෘශ්‍ය අන්තර්ගතයන් (visual content) විශ්ලේෂණය කරන tool කිහිපයක් ම තියෙනවා. 

ශ්‍රී ලංකාවට විශේෂිත Fact-Checking ආයතන (Fact-Checking Agencies Specific to Sri Lanka)

ලංකාවෙ Fact-Checking ආයතන - srilanka.factcrescendo.com

ලෝකයේ වගේම ලංකාවෙත් බොරු ප්‍රචාර ගැන හොයලා බලලා, ඒවායේ ඇත්ත නැත්ත සමාජයට දෙන ආයතන කිහිපයක් තියෙනවා. ඔයාට සැක හිතෙන පුවතක් තිබුනොත්, මේ අයගේ වෙබ් අඩවි හෝ සමාජ මාධ්‍ය පිටු බලන්න අමතක කරන්න එපා.

  1. Fact Crescendo Sri Lanka: සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම fact-check වාර්තා පළකරනවා. ඔවුන්ගේ වෙබ් අඩවිය සහ Facebook පිටුව හරහා තොරතුරු ලබාගන්න පුළුවන්.ඔබට ඔවුන්ගේ වෙබ් අඩවිය මෙතනින් පරීක්ෂා කළ හැක: https://srilanka.factcrescendo.com 
  2. Watchdog (FactCheck.lk): Verité Research ආයතනය විසින් පවත්වාගෙන යන අතර, විශේෂයෙන්ම දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් කරන ප්‍රකාශ වල නිරවද්‍යතාවය පරීක්ෂා කරනවා.ඔබට ඔවුන්ගේ වෙබ් අඩවිය මෙතනින් පරීක්ෂා කළ හැක: factcheck.lk 
  3. AFP Fact Check Sri Lanka: ජාත්‍යන්තර ප්‍රවෘත්ති ඒජන්සියක් වන AFP ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව මඟින්ද සමාජ මාධ්‍යවල සංසරණය වන ව්‍යාජ තොරතුරු පිලිබඳ වාර්තා පළ කරනවා.ඔබට ඔවුන්ගේ වෙබ් අඩවිය මෙතනින් පරීක්ෂා කළ හැක: factcheck.afp.com 

ඔයා අතින් බොරු තොරතුරක් සමාජගත වෙන්න තියෙන ඉඩකඩ වළක්වගන්න එක ඔයාගේ වගකීමක්. හැබැයි මතක තබා ගන්න, වගකීම් සහගත ඩිජිටල් පුරවැසියෙකු වීම කියන්නේ සංකීර්ණ මෙවලම් ප්‍රගුණ කිරීම නොවෙයි - එය සරල පුරුද්දකි.

යමක් share කරන්න කලින්:

තත්පර 10ක් නවතින්න. ඔබේ චිත්තවේගී ප්‍රතිචාරය හඳුනා ගන්න.
මූලාශ්‍රය පරීක්ෂා කරන්න. මේක කවුද පළ කරන්නේ?
වෙනත් මාධ්‍ය හොයා බලන්න. විශ්වාසදායක ආයතන මේ ගැන කතා කරනවද?
මුල් සන්දර්භය සොයන්න. මේ photo එක හෝ video එක ඇත්තටම කොහෙන්ද, කොයි වෙලාවටද?

මේ හතර පියවර අනුගමනය කිරීමෙන්, ඔබට ලොකු හානියක් වළක්වගන්න පුළුවන්. FotoForensics, TinEye වගේ මෙවලම් දන්නවා කියන එක වැදගත්. හැබැයි ඊටත් වඩා වැදගත්, Share බොත්තම එබීමට පෙර හිතන පුරුද්ද තියෙන එක.

💡
හැම විටම මේ quote එක සිහි තබා ගන්න උත්සහ කරන්න ‘If it seems too good to be true, it probably is [too good to be true.]’ ඔබත් වගකීම් සහගත ඩිජිටල් පුරවැසියෙක් වෙන්න වග බලාගන්න.