ගොඩදෙනෙක් බළාපොරොත්තුවෙන් සිටි Dark Mode පහසුකම සමඟින් අලුත් Techie Update එකක් නිකුත් වෙයි

ඔයා නිතරම ආසාවෙන් Tech News කියවන Techie Android App එකට ඔන්න දැන් අලුත් update එකක් නිකුත් කරන්නට කටයුතු කර තිබෙනවා.

ටික දවසකට කලින් අපේ Facebook Community එක හරහා Techie App එක update කිරීමේ වැදගත්කම පෙන්වාදෙන ලිපියක් පළ කිරීමට කටයුතු කළ අතර එහිදී Techie පාඨකයන් කිහිපදෙනෙකු ඉල්ලා සිටි පරිදි, ඔන්න දැන් Dark Mode පහසුකම Techie App එකට ලබා දීමට Techie Team එක කටයුතු කර තිබෙනවා.

මේ Dark Mode එක රාත්‍රී කාලයේදී ඇස් වල සෞඛ්‍යය තත්ත්වයට හිතකර බව මෙන්ම AMOLED Display සහිත ජංගම දුරකථන වලදී Battery power එක ඉතුරු කිරීම වැනි ප්‍රතිලාභ ගැන TechNews.LK සමඟින් රැඳී සිටින ඔබ මේ වන විටත් හොඳින් දන්නවා ඇති.

මේ අලුත් version එක (1.2.9) සමඟින් Dark Mode එකට අමතරව ඕනෑම Share button එකක් මත long press කරගෙන සිටීම මගින් තමන් කැමති ලිපියක link එක ඉක්මණින් copy කරගැනීම සඳහා ද අලුත් පහසුකමක් ඇතුලත් වෙනවා.

එමෙන්ම Android 8 හෝ ඊට පසු සංස්කරණයක් භාවිතා කරන්නේ නම්, Launcher එක මතදී Techie icon එක මත long press කරගෙන සිටීමෙන් Android App Shortcuts පහසුකම භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.

මේ දක්වා notification එකක් මගින් app එක විවෘත වීම පමණක් සිදු වූ අතර දැන්, එය තවත් වැඩිදියුණු කර update එකක් ආ සැනින් දැන්වීමටත් හැකියාව ලබා දී තිබෙනවා.


මේ update එකත් වෙනදා වගේම 2.6MB පමණ (ඔයාගේ device එකේ මාදිලිය අනුව ප්‍රමාණය වෙනස් වෙනවා) ඉතාමත් අඩු data ප්‍රමාණයක් වැය කිරීමෙන් download කරගතහැකි වන අතර ඔයා apps auto update වීම නවත්වලා තිබෙනවා නම්, අනිවාර්යයෙන්ම මේ update එක manually update කිරීමේ හැකියාව තිබෙනවා.

විශේෂයෙන්ම මේ අලුත් version එක හරහා බාහිරින් දකින්නට තිබෙන වෙනස්කම් මෙන්ම, memory management, එහෙමත් නැතිනම් ඔයාගේ ජංගම දුරකථනයේ RAM එක භාවිතා කරන ආකාරය වගේම processing power එක භාවිතා කරන ආකාරයත් අපි වැඩිදියුණු කරන්න කටයුතු කරලා තියනවා.

ඉතින් ඔයා තවමත් මේ update එක ලබා ගත්තේ නැතිනම් මේ Link එක හරහා හෝ Google Play Store එක හරහා ගිහින් Techie App එක දැන්ම update කරගන්න.

වැදගත්:
Dark Mode සහ AMP Cache options එක විට on කර ඇති විට එය හරි හැටි ක්‍රියා නොකරන්නේ නම්, Settings -> Apps -> Techie -> (Storage) හරහා ගොස් Clear Data option එක මත tap කිරීමෙන් අදාල ගැටළුව විසඳාගත හැකි වේ.

මේ වගේ ඔයා කැමති මොනවාහරි පහසුකමක් Techie App එකට එකතු වෙන්න ඕන කියලා හිතනවා නම්, අනිවාර්යයෙන්ම ඒ ගැනත් අපිට කියන්න. මේ වෙනකන් app එකට එකතු වුණු features, Dark Mode එක, කොටින්ම සිංහලෙන් News දෙන එක (කලින් English news විතරයි තිබුණේ) පවා App එක භාවිතා කරන ඔයාලගේ අදහස් වලට ගරු කරලා තමයි අපි ලබා දෙන්න කටයුතු කලේ.

ඒ වගේම ඔයා App එකට කැමතියි නම්, Rate කරලා Review එකක් දාන්නත් අමතක කරන්න එපා.