Samsung සමාගමෙහි නවතම ISOCELL camera sensors හරහා අනාගත smartphones වල camera bumps වල size එක අඩු වන ලකුණු

මේ වසර මුලදී Samsung සමාගම විසින් 50MP ISOCELL GN1 image sensor එක එළිදැක්වීමෙන් පසුව 0.7μm pixel product lineup එක සඳහා නව ISOCELL image sensors lineup එකක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබෙන බව වාර්ථා වෙනවා.

මේ සඳහා 108MP ISOCELL HM2, 64MP ISOCELL GW3, 48MP ISOCELL GM5 සහ 32MP ISOCELL JD1 ලෙස sensors හතරක් ඇතුළත් වෙනවා.

මෙම සංවේදක එකම resolution එක සහිත 0.8μm සංවේදකවලට වඩා 15% ක් පමණ ප්‍රමාණයෙන් කුඩා වන අතර, camera module එකෙහි උස සියයට 10 දක්වා අඩු කිරීමටද සමත් වෙනවා.

මේ නිසා ඉදිරියේදී හදුන්වාදීමට නියමිත smartphones වල camera bump එකෙහි විශාලත්වය අඩු කිරීමටද smartphone නිෂ්පාදකයින් හට මේ හරහා හැකියාව ලැබෙනු ඇති බව Samsung සමාගම විශ්වාස කරනවා.

නව 0.7μm ISOCELL සංවේදක වලට කුඩා pixel ප්‍රමාණයක් තිබියදීත් විශාල ආලෝක ප්‍රමාණයක් රැස් කර ගත හැකි බව සහතික කිරීම සඳහා Samsung සමාගම විසින් එහි ISOCELL Plus සහ Smart ISO තාක්ෂණයන් සංවේදක තුළට ඇතුළත් කර තිබෙනවා.

මීට අමතරව, Samsung සමාගම විසින් මෙම වසර අගදී එළඹෙන 0.7μm නිෂ්පාදන සඳහා ISOCELL 2.0 නමින් වැඩි දියුණු කරන ලද pixel තාක්‍ෂණයක්ද එළිදක්වන බව වැඩිදුරටත් අනාවරණය කර තිබෙන බව සඳහන් වෙනවා.

ඒ අනුව නව තාක්‍ෂණය මගින් cells අතර wall structure එක තවදුරටත් වැඩිදියුණු කරනු ඇතැයි අපේක්ෂා කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස දැනට පවතින ISOCELL Plus තාක්‍ෂණයට සාපේක්ෂව ආලෝක සංවේදීතාව 12% ක් දක්වා ඉහළ යනු ඇති බව වාර්ථා වෙනවා.

මේ නව lineup එක Samsung ISOCELL HM2, GW3, GM5 සහ JD1 යන මාදිලි වලින් සමන්විත වන අතර HM2 යනු Samsung සමාගම විසින් නිපදවන තුන්වන 108-megapixel sensor එක වෙනවා.

මීට අමතරව 3x lossless zoom පහසුකම සමඟ nine-pixel binning තාක්ෂණයද එයට ඇතුළත් වන අතරම, වැඩි දියුණු කරන ලද phase detecting auto focus පහසුකම සඳහා ද මෙය සහාය දක්වනවා.

ISOCELL GW3 යනු තවත් 64-megapixel sensor එකක් වන අතර එය බොහෝ flagship ජංගම දුරකථන සඳහා භාවිතා කරනු ඇති බව විශ්වාස කෙරෙනවා.

දෘෂ්‍යමය වශයෙන් එය නිශ්චිතවම 0.8μm 48-megapixel ISOCELL GM4 සංවේදකයට සමාන වන අතර ඉහළ visual fidelity එකකින් යුක්ත වන බවත්, EIS සහ 4K 60fps වීඩියෝ සඳහා සහය දක්වන බවත් වාර්ථා වෙනවා.

ISOCELL GM5 යනු 48-megapixel sensor එකක් වන අතර එය ultra-wide-angle cameras සඳහා හෝ 5x periscope zoom cameras සඳහා tune කර ඇත.

Samsung Expands Advanced 0.7μm-Pixel ISOCELL Image Sensor Offerings for Wider Mobile Applications
Compact chips boast industry’s smallest pixel size, allowing sleeker designs and minimized camera bumps The new 0.7μm lineup will adopt enhanced pixel technology with boosted light sensitivity, ISOCELL 2.0, later this year

32 megapixels, ISOCELL JD1 sensor එක අඟල් 1/3.14 ක් වන අතර එය hole punches හෝ bezel-less designs සහිත smartphones සඳහා වඩාත් සුදුසු වන බවත්, මෙය JD1 selfie cameras සඳහා වඩාත් සුදුසු වන බවත් Samsung සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Samsung සමාගම විසින් HM2, GW3 සහ JD1 sensors මේ වන විටත් මහා පරිමාණයෙන් නිෂ්පාදනය ආරම්භ කර ඇති අතර GM5 sensor එක sampling stage එකෙහි තිබෙන බව ද වාර්ථා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Samsung Newsroom, 9to5google වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.