Galaxy S25 Ultra - Samsung ජංගම දුරකථන වල නව යුගයක් ආරම්භ කරන සුපිරි smartphone එකක් වේවිද?

Samsung Galaxy S25 Ultra දුරකතනයේ තොරතුරු අන්තර්ජාලය වෙත ලීක් ව තිබෙනවා. මේ තොරතුරු අනුව, මෙම උපාංගය සැම්සුන්ග් පාරිභෝගිකයින්ගේ අපේක්ෂාවන් ඉහළට ඔසවා තබන බව නම් පැහැදිලියි.

පසුගිය දිනවල dbrand සමාගම විසින් හෙළිකර ඇති තොරතුරු අනුව, Galaxy S25 Ultra හි බාහිර පෙනුම තරමක් වෙනස් විය හැකි අතර, මෙතෙක් දකින්නට ලැබුණා ට වඩා Curved corners සහිත පෙනුමක් ඒ වෙත ලැබෙනු ඇතැයි විශ්වාස කෙරෙනවා.  

මෙම වෙනස හුදෙක් අලංකාරය සඳහා පමණක් නොව, දුරකථනයේ අභ්‍යන්තර දෘඩාංග වෙත අවශ්‍ය ඉඩකඩ වැඩි කර ගැනීම සඳහාද යොදාගෙන ඇති බව පැහැදිලියි. 

කැමරා පද්ධතිය ගැන නම් විවිධාකාර ආරංචි කිහිපයක් ම අන්තර්ජාලයේ සැරිසරනවා. එකකට අනුව  Galaxy S25 Ultra එහි ප්‍රධාන කැමරාව තවමත් පෙර පරම්පරාවේ තිබූ 200MP Isocell HP2 සංවේදකයම භාවිතා කරන බව වාර්තා වෙනවා. 

කොහොම නමුත් මීට පෙරත් විශ්වාසදායි තොරතුරු ගණනාවක් අන්තර්ජාලය වෙත ලීක් කල Jukanlosreve ට අනුව Samsung සමාගම 500MP sensor එකක් පිළිබඳවත් පරීක්ෂණ කරමින් ඉන්නවා. 

මේ සෙන්සර් එක නම් මේ වසරේ එන දුරකථන සමග භාවිත වේවිද කියන එක කියන්න තවම ඉක්මන් වැඩියි. 

දැනට ආරංචි වන අන්දමට Qualcomm සමාගමේ නවතම Snapdragon 8 Elite චිපය සමග තමයි S25 Ultra නිකුත් වෙන්නේ, වඩාත් වැඩි සැකසුම් බලයක් මේ ඔස්සේ පෙන්නුම් කරනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්ෂා කරනවා. 

මීට අමතරව 6.9-inch විශාල තිරයක් හා නව පරම්පරාවේ Galaxy AI විශේෂාංගද මේ වෙත  ඇතුලත් වේවි කියලා බොහෝ දෙනෙක් අනුමාන කරනවා. 

සැම්සුන්ග් සමාගම 2025 ජනවාරි 22 වන දින Galaxy Unpacked උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත්, ජනවාරි 24 වන දින සිට පෙබරවාරි 3 දක්වා පූර්ව ඇණවුම් භාර ගැනීමට නියමිත බවත්, සාමාන්‍ය වෙළඳපොළ වෙත නිල වශයෙන් එළිදැක්වීම පෙබරවාරි 7 වන දින පමණ සිදු කෙරෙනු ඇති බවත් තාක්ෂණික ලෝකයේ ආරංචි පල වෙනවා.

මෙතෙක් නිෂ්පාදනය වූ සිහින්ම Apple දුරකථනය iPhone 17 Slim වෙයි ද ?
පසුගිය සැප්තැම්බරයේ වෙළඳපොළට නිකුත් වුණ නවතම Apple iPhone 16 මාදිලි වල උණුසුම පහ වෙන්නටත් කලින් එළඹෙන 2025 වසරේ අග භාගයේ නිකුත් වේ යැයි අනුමාන කෙ

ඒවගේම දැනටම වසර මැද දී Samsung සමාගම නිකුත් කිරීමට නියමිත Galaxy S25 Special Edition නම් slim දුරකතයක් ගැනත් අන්තර්ජාලයේ කතාබහ වෙනවා. ඒ වගේම මෙය iPhone 17 දුරකථන පෙළෙහි slim දුරකථනය හා වෙළඳපොලේ තරඟ වදිනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා forbes.com වෙබ් අඩවිය සහ tomsguide.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.