Porsche Design සමගින් වෙළඳපොල වෙත දුරකථනයක් ලබන මාසයේ
Porsche Design සමාගම සමඟ Honor එකතුව ගෙන එන Porsche Design Honor Magic 7 RSR දුරකථනය stylish high-end උපාංග වලට කැමති බොහෝ දෙනෙකුට හරියන ම දුරකථනය වේවි. Porsche මෝටර් රථවල නිර්මාණ විලාසිතාවන් සහ Honor Magic 7 Pro හි තාක්ෂණික හැකියාවන් එක්ක මේ දුරකථනය Premium එකක් වෙන බව සැකයක් නැහැ.
2025 පෙබරවාරි 21 වන දින සිට යුරෝපීය වෙළඳපොළ තුළ මෙම දුරකථනය අලෙවි කිරීමට නියමිතයි. මෙහි ආරම්භක මිල යුරෝ 1,799 ක් (ඇමරිකානු ඩොලර් 1,850 ක් පමණ) ලෙසයි සඳහන් වෙන්නේ.
පසුගිය වසරේ යුරෝපයේ වෙළඳපොල වෙත නිකුත් කරන ලද Honor Magic 6 RSR high-end smartphone එකෙහි මිල ඇමරිකානු ඩොලර් 2,000 ක් පමණ වූ නිසා, මෙම නව මාදිලිය සාපේක්ෂව අඩු මිලක් සහිත ව නිවේදනය කිරීම තරමකට පුදුමය දනවන කාරණයක්.
Magic 7 Pro හි hardware පදනම් කරගෙන නිර්මාණය ව තිබෙන Magic 7 RSR හි විශේෂත්වය වන්නේ එහි China variant එකේ පවතින silicon-carbon battery තාක්ෂණය මේ වෙත යොදාගෙන තිබීමයි. China variant එක සේම Magic 7 RSR හි බැටරි ධාරිතාව 5,850mAh ක් වන අතර, යුරෝපීය වෙළඳපොළ සඳහා නිකුත් කරන සාමාන්‍ය Magic 7 Pro හි බැටරි ධාරිතාව 5,270mAh ක් ලෙසයි දැක්වෙන්නේ.
මේ නව දුරකථනයේ AI processing සඳහා විශේෂයෙන් සැකසූ නවතම Qualcomm Snapdragon 8 Elite චිපය සමගින් තමයි වෙළඳපොල වෙත නිකුත් වෙන්නේ. Magic 7 RSR ඇතුළු Honor හි නවතම දුරකථන එක්ක on-device සහ cloud AI විශේෂාංග ගණනාවක් ම ඇතුලත් වෙනවා. ඒ අතරට AI Real-Time Rendering සහ AI Predictive Scheduling Engine යන විශේෂාංග අයත් වෙනවා.
දුරකථනයේ පිටුපස කවරයේ දකින්න තිබෙන රේඛාව සැබෑ Porsche මෝටර් රථයක body lines පෙනුමට සමාන වන අයුරින් නිර්මාණය කර ඇති අතර, කැමරා මොඩියුලය sports car එකක headlights මෙන් පෙනෙන සේ නිර්මාණය කර තිබෙනවා.
මෙම සුවිශේෂී කැමරා මොඩියුලය තුළ Magic 7 Pro හි පවතින optical image stabilization සහිත මෙගාපික්සල් 50 ( f/1.4 to f/2.0 adjustable aperture sensor) ක ප්‍රධාන කැමරාවක්, 3x optical zoom සහිත මෙගාපික්සල් 200 ක periscope telephoto කැමරාවක් සහ අංශක 122 ක දර්ශන ක්ෂේත්රයක් සහිත මෙගාපික්සල් 50 ක wide camera එකක් ඇතුළත් වේ.
ලබන මාසයේදී යුරෝපීය වෙළඳපොළ තුළ මිලදී ගැනීමට ලැබෙන Magic 7 RSR දුරකථනය, Magic 7 Pro හි වඩාත් Premium version එකක් ලෙස හැඳින්විය හැකි අතරම මේ දුරකථනය Agate Grey සහ Provence යන වර්ණ දෙකෙන් මෙම දුරකථනය මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව ලැබේවි.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා androidcentral වෙබ් අඩවිය සහ honor වෙබ් අඩවිය භාවිතා කළ හැක.