OnePlus Nord CE 5G ජංගම දුරකතනයේ renders කිහිපයක් සහ promo video එකක් අන්තර්ජාලයට නිකුත් වෙයි

OnePlus සමාගම විසින් ඔවුන්ගේ මීළඟ Nord ජංගම දුරකතනය වන OnePlus Nord Core Edition 5G දුරකතනය ජුනි මස 10 වෙනිදා ඉන්දියානු සහ යුරෝපීය වෙළඳපොල සඳහා එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

මේ වනවිට, leaker කෙනෙකු වන Evan Blass විසින් Nord CE 5G දුරකතනයේ renders කිහිපයක් සහ promo video එකක් අන්තර්ජාලයට නිකුත් කර ඇති අතර pricebaba වෙබ් අඩවිය විසින්ද Nord CE දුරකතනයේ renders කිහිපයක් සහ configurations පිළිබඳව තොරතුරු වාර්තා කර තිබෙනවා.

Image source: pricebaba

ඒ අනුව, OnePlus Nord CE 5G ජංගම දුරකතනය Charcoal Ink සහ Blue Void ලෙස color variants දෙකකින් පැමිණෙනු ඇති නමුත්, Blass විසින් share කරගත් renders වල සුදු පැහැති variant එකක්ද දැකගැනීමට හැකියාව තිබෙනවා.

දුරකතනයේ design එක වෙත අවධානය යොමු කිරීමේදී, device එකෙහි punch-hole display එකක් සහ පිටුපස vertical triple camera system එකක් දැකගැනීමට හැකියාව තිබෙනවා.

එමෙන්ම, device එකෙහි වම්පස volume rocker එක ඇති අතර device එකෙහි දකුණු පැත්තේ power button එක දැකගැනීමට හැකියාව තිබෙනවා. උපාංගයේ පහළින් 3.5mm audio jack එක, USB-C port එක සහ external speaker එකක් දැගගැනීමට හැකි වන අතර මෙහි in-display fingerprint scanner එකක්ද අන්තර්ගත වන බවට වාර්තා වෙනවා.

OnePlus Nord CE 5G දුරකතනය 6 GB RAM + 128 GB storage, 8 GB RAM + 128 GB storage සහ 12 GB RAM + 256 GB storage වැනි variants වලින් පැමිණෙන බවට කටකතා පැතිර තිබෙන අතර Nord CE 5G දුරකතනය ඉන්දියාව තුළ ඉන්දියානු රුපියල් 22,999 මුදලක සිට ආරම්භ විය හැකි යැයි අනුමාන කරනවා.

දැනට නිකුත් වී ඇති නිළ නොවන තොරතුරු වලට අනුව, මෙම Nord CE 5G දුරකතනය 90Hz refresh rate එකකින් සමන්විත අඟල් 6.43 ක Full HD+ Fluid AMOLED display එකකින් සමන්විත වන අතර මෙය Snapdragon 750G chipset එකකින් බලගැන්වෙනවා. ඊට අමතරව මෙහි 30T Warp Charge සඳහා සහාය දක්වන 4,500mAh බැටරියකින් සමන්විත වන අතර 16-megapixel front camera එකක් සහ පසුපස 64 MP + 8 MP + 2 MP ලෙස triple camera setup එකක්ද දැකගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අනුමාන කෙරෙනවා.

කෙසේ වෙතත්, මෙම තොරතුරු මේ වනවිට නිළ නොවන මූලාශ්‍ර මගින් අනාවරණය වී ඇති තොරතුරු බව නැවතත් මතක් කළයුතු වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GizmoChina වෙබ් අඩවිය සහ GSMArena වෙබ් අඩවිය භාවිතා කළ හැක.