පළමුවැනි 5G OnePlus ජංගම දුරකථනය ලබන වසරේ මැයි මස නිකුත් කිරීමට OnePlus සමාගම සූදානම් වෙයි
5G කියන්නේ 2018 වර්ෂයේ වැඩියෙන්ම කතාබහට ලක් වුණු මාතෘකා වලින් එකක් වගේම Qualcomm සමාගම විසින් Smartphone සඳහා නිෂ්පාදනය කළ 5G antenna එක ගැනත් අපි ඔබව දැනුවත් කළා මතක ඇති.
මේ 5G තාක්ෂණය සහිත ජංගම දුරකථන ගැන කතාබහ කරන විට OnePlus කියන නාමයත් ඒ සමඟින් බැඳී පවතින තත්ත්වයක් මේ වන විට ඇති වී තිබෙන අතර මොවුන් පසුගිය දිනක 5G ජංගම දුරකථන වල මිළ පිළිබඳව අදහසක් දක්වන්නටත් කටයුතු කළා මතක ඇති.
ඔන්න දැන් වාර්ථා වන පරිදි Qualcomm Snapdragon 855 chipset එකක් සහ 5G තාක්ෂණය අන්තර්ගත වන ප්‍රථම ජංගම දුරකථනය නිෂ්පාදනය කිරීමට OnePlus සමාගම සූදානම් වන අතර ලබන වසරේ, එනම් 2019 වර්ෂයේ මැයි මාසය වන විට එක්සත් රාජධානියේ (UK) වෙළඳපොලට නිකුත් කිරීමට ඔවුන් සූදානම් වෙනවා.
We are taking the next step in our journey to the top of the global flagship market! OnePlus and @EE will join forces to deliver a #5G ready flagship in early 2019. https://t.co/NYppNZ6nYF #SnapdragonSummit pic.twitter.com/bXo0hulRmo
— OnePlus (@oneplus) December 5, 2018
මෙම අලුත් ජංගම දුරකථනය OnePlus 7 දුරකථනය නොවන අතර එම දුරකථනය වෙනුවෙන් විශාල වෙළඳපොලක් ඇති වෙතැයි යන බළාපොරොත්තුවක් ද ඔවුන් තුල නොමැති බව OnePlus ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි Pete Lau මහතා ප්‍රකාශ කර තිබෙනවා.
මේ අනුව පළමු OnePlus 5G ජංගම දුරකථනය මූලිකව එක්සත් රාජධානියේදී EE නම් වූ සේවා සපයන්නා හරහා වෙළඳපොලට නිකුත් කිරීමට නියමිත අතර මෙම EE Network එක විසින් එක්සත් රාජධානියේ නගර 16ක් පුරාවට 5G ආවරණය ලබා දීමට බළාපොරොත්තු වෙන බවත් දැනගන්නට ලැබෙනවා.
මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය හා Gizmodo වෙබ් අඩවිය භාවිතා කළ හැක.