OnePlus සමාගම විසින් ඩොලර් 200ක පමණ මිළකට නව entry level ජංගම දුරකථනයක් මෙම වසරේදී එළිදැක්වීමට සූදානම් වන ලකුණු

OnePlus සමාගමේ අලුත්ම Mid-range ජංගම දුරකථනය වූ OnePlus Nord ගැන මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

OnePlus සමාගම විසින් ඔවුන්ගේ නවතම mid-range ජංගම දුරකථනය වන OnePlus Nord එළිදැක්වීමට කටයුතු කරයි
OnePlus සමාගම විසින් ඔවුන්ගේ නවතම ජංගම දුරකථනය වන OnePlus Nord ජංගම දුරකථනය AREvent එකක් [/the-oneplus-nord-will-be-officially-revealed-on-july-21st/] හරහාමෙම මස 21 වැනි දින එළිදැක්වීමට කටයුතු කරනු ඇති බව මීට පෙර අපි ඔබව දැනුවත් කළාමතක ඇති. OnePlus Nord ජංගම දුරකථනය ජූලි මස 21 වැනි දින AR Event …

ඔන්න දැන් OnePlus සමාගම මෙයිනුත් ඔබ්බට ගොස් entry level ජංගම දුරකථනයක් නිකුත් කිරීමට ද සූදානමින් සිටින බව වාර්ථා වන අතර, එය ඇමෙරිකානු ඩොළර් 200කට ආසන්න මුදලකට වෙළඳපොලට නිකුත් කරනු ඇති බව සඳහන් වෙනවා.

Clover යන codename එකෙන් දැනට හැඳින්වෙන මෙම ජංගම දුරකථනය අඟල් 6.52ක (1560 x 720) ප්‍රමාණයේ display එකකින් සමන්විත වන අතර 4GB/6GB RAM එකකින් සහ 64GB storage එකකින් ද සමන්විත වන බව වාර්ථා වෙනවා.

මෙම ජංගම දුරකථනයේ ප්‍රධාන camera module එකද 13 megapixel camera එකක් සහ 2 mega pixel camera ද්විත්වයක් ඇතුළු camera තුනකින් සමන්විත වනු ඇති බව ද දැනගන්නට ලැබෙනවා.

එමෙන්ම Qualcomm සමාගමේ entry level chipset එකක් වන Snapdragon 460 SoC එකකින් බළගැන්වෙන මෙම ජංගම දුරකථනයට 6,000mAh ප්‍රමාණයේ battery එකක් සහ 18W fast charging පහසුකම අන්තර්ගත වන බව ද Android Central වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

විශේෂයෙන්ම බළයෙන් අඩු chipset එකක් සහ විශාල battery එකකින් මෙය සන්නද්ධ කිරීම හරහා දින දෙකක පමණ battery කාලයක් පරිශීලකයාට ලබාදීමට මෙම ජංගම දුරකථනය සමත්වනු ඇති බව විචාරකයින් ප්‍රකාශ කරනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Android Central වෙබ් අඩවිය භාවිතා කළ හැක.