OnePlus Buds ඩොලර් 1ක මුදලකටත් OnePlus 7T දුරකතනය ඩොලර් 349ක මුදලකටත් ලබාදීමට OnePlus සමාගම කටයුතු කරයි
පසුගිය ජූලි මාසයේදී OnePlus සමාගම විසින් ඔවුන්ගේ true wireless earbuds යුගලය වන OnePlus Buds එළිදැක්වීමට කටයුතු කළ අතර මේ වන විට OnePlus සමාගම විසින් ඔවුන්ගේ OnePlus Day එක වෙනුවෙන් devices කිහිපයකම මිල සැළකිය යුතු ප්රමාණයකින් අඩු කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව, OnePlus Buds ඩොලර් 1ක මුදලකට අලෙවි කිරීමට නියමිතව ඇති බවට තොරතුරු වාර්තා වන අතර මෙම මිලට ලබාගැනීමට හැකියාව ඇත්තේ සීමිත devices ප්රමාණයක් පමණක් බවද වාර්තා වෙනවා. කෙසේ නමුත් OnePlus සමාගම මේ සඳහා සූදානම් කර ඇති Buds ගණන කොපමණක්දැයි යන්න පිළිබඳව තොරතුරක් වාර්තා වන්නෙ නැහැ.
එමෙන්ම, නොවැම්බර් මස 18 වෙනිදා ඔවුන්ගේ US online store එක හරහා අලෙවිය සිදුවනු ඇති බවට තොරතුරු වාර්තා වන නමුත් එය ආරම්භ වන නිශ්චිත වෙලාවක් පිළිබඳව තොරතුරු වාර්තා වන්නේ නැහැ.
With OnePlus Buds, you'll get awesome bass drops. And now, we're dropping the price to $1. Sale starts tomorrow and ends when they're sold out! https://t.co/t5ju7Wp0Zh pic.twitter.com/hHskaYjhws
— OnePlus USA (@OnePlus_USA) November 17, 2020
ඔබ දුරකතන පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන්නේ නම්, ඔබට ඩොලර් 349 කට OnePlus 7T දුරකතනය ලබා ගත හැකි අතර, දැනටමත් ක්රියාත්මක වන මෙම deal එක හරහා කොපමණ කාලයක් මෙම මුදලට OnePlus 7T දුරකතනය ලබාගැනීමට හැකිවේද යන්න පිළිබඳව ද තොරතුරක් වාර්තා වන්නෙ නැහැ.
එමෙන්ම මෙය OnePlus 7T දුරකතනයෙහි 8GB RAM, 128GB storage එකක් සහිත T-Mobile version එක බවද සඳහන් කලයුතු වන අතර ඔබ OnePlus 7T එක මිලදී ගන්නේ නම් Bullets Wireless Z එකක් නොමිලේ ලබාදීමටත් OnePlus සමාගම කටයුතු කර තිබෙනවා.
මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා Oneplus නිළ වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.