චීනයට පමණක් සීමා වූ OnePlus දුරකථනයක් වෙනත් නමකින් 2025 දී ඔබේ අතට?

OnePlus සමාගම 2025 වසරේදී චීනයට සීමාවූ දුරකතන දෙකක් පිලිබඳ ඉඟි පල කර තිබෙනවා. OnePlus Ace 5 හා Ace 5 Pro යන නමින් නම් ව තිබෙන මේ දුරකථන Snapdragon chip වලින් බල ගැන්වීමට නියමිතයි.

OnePlus Ace 5 මාදිලිය සඳහා Snapdragon 8 Gen 3 chipset එකත්, Ace 5 Pro දුරකථන වෙත නවතම Snapdragon 8 Elite SoC එකත් භාවිත වන බව තමයි දැනට වාර්තා වෙන කරුණු වලින් පැහැදිලි වෙන්නේ. 

OnePlus China හි ප්‍රධානියා වන Louis Lee (Li Jie Louis) Weibo හි පලකල පොස්ට් එකකින් මේ උපාංග දෙකෙහි නාමයන් තහවුරු කර තිබුනා. OnePlus Ace 5 base model එකේ උපාංග එම කාණ්ඩයේ අනෙක් දුරකථන වෙත ඉතාම දැඩි තරඟයක් ලබා දෙනු ඇති බවයි ඔහු සඳහන් කර තිබුනේ.

OnePlus China හි ප්‍රධානියා වන Louis Lee (Li Jie Louis) Weibo හි පලකල පොස්ට් එක

ඒවගේම මේ දුරකථනය ගැන තොරතුරු රැසක් අන්තර්ජාලය වෙත නිකුත් වෙන්න ප්‍රධානම හේතුව වුනේ Geekbench වෙබ් අඩවියේ මේ දුරකතනයට අදාළ test score පළවීමත් සමගයි. Geekbench වෙබ් අඩවියේ මේ දුරකථනය වෙත PKG110 ලෙස model number එකක් ලබාදී තිබුනා. 

කොහොම වුනත් මේ ලැයිස්තු ගතවීම  ට අනුව නම් OnePlus Ace 5 දුරකථනය Android 15 මෙහෙයුම් පද්ධතිය හා  16GB RAM එකක් සමගින් වෙළඳපොළට නිකුත්වීමට නියමිතයි. Geekbench වෙබ් අඩවියේ test වලට අනුව single-core testing points 2,261 ලබා ගන්නත්, multi-core testing වලදී points 7,188 ලබාගන්නත් OnePlus Ace 5 දුරකතනයට හැකි වෙලා තියෙනවා. 

චීනයෙන් එළියේ ඉන්න ඔබටත් මේ දුරකථනය මිලදී ගන්න පුළුවන්. හැබැයි ඒ වෙනත් නමකින් OnePlus 13R ඔබ වෙත ලබන ජනවාරියේදී මේ OnePlus Ace 5 දුරකතනයේ Global version එක ලෙසින් වෙළඳපොල වෙත නිකුත් වෙනවා. 

OnePlus 13R දුරකථනය වෙත Geekbench වෙබ් අඩවියේ ලැබී ඇති model number  එක වන්නේ CPH2645. 12R දුරකථනයේ  motherboard වෙත භාවිත කල නම ‘pineapple' ම මේ ලැයිස්තු ගත කිරීමේදී බලාගන්න ඔබට පුළුවන්. 

 Ace 5 series එකේ දුරකථන මේ දෙසැම්බරයේ චීනයෙදීත්, OnePlus 13 සහ OnePlus 13R දුරකථන 2025 ජනවාරි මාසෙදි වෙළඳපොළට නිකුත් වෙනු ඇතැයි මත පල වෙනවා. ඉතාම ඉක්මනින් මේ දුරකථන මාදිලි වෙනුවෙන් වෙන්වුණු teaser campaing ආරම්භ වෙනු ඇති බව තාක්ෂණික පුවත් වෙබ් අඩවි ඉඟි පල කරනවා. 

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා gadgets360 වෙබ් අඩවිය සහ ithome.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.