ඇමෙරිකානු ඩොළර් බිලියන 40ක මුදලකට Nvidia සමාගම විසින් Arm ආයතනය මිලදීගැනීමට කටයුතු කරයි

ජපානයේ SoftBank ආයතනය යටතේ ඇති Arm Limited ආයතනය ඇමෙරිකානු ඩොළර් බිලියන 40ක මුදලකට මිලදීගැනීමට Nvidia ආයතනය කටයුතු කර ඇති බව මේ වන විට වාර්ථා වෙනවා.

මේ අනුව Nvidia සමාගම විසින් ඩොළර් බිලියන 12ක් මුදලින් ද, ඩොළර් බිලියන 21.5ක් Nvidia සමාගමේ කොටස් වලින් ද, Arm සමාගමේ සේවකයින් වෙනුවෙන් තවත් ‍ඩොළර් බිලියන 1.5ක මුදලක් ද, Arm සමාගමේ මේ දක්වා ඉලක්කගත ආදායම් වලින් ඩොළර් බිලියන 5ක් ද වශයෙන් සම්පූර්ණ මුදල වන ඩොළර් බිලියන 40ක මුදල SoftBank ආයතනයට ගෙවීමට කටයුතු කරනු ලබනවා.

මේ වන විට Apple, Samsung මෙන්ම Qualcomm සමාගම ඇතුලු ලොව ප්‍රසිද්ධ chip නිෂ්පාදකයින් සියළුදෙනාම පාහේ භාවිතා කරනු ලබන්නේ ARM architectures වන අතර මෙම සමාගම ඩොළර් බිලියන 31ක මුදලකට 2016 වර්ෂයේදී SoftBank ආයතනය විසින් මිලදීගනු ලැබුවා.

NVIDIA to Acquire Arm for $40 Billion, Creating World’s Premier Computing Company for the Age of AI
NVIDIA and SoftBank Group Corp. today announced a definitive agreement under which NVIDIA will acquire Arm Limited from SBG and the SoftBank Vision Fund in a transaction valued at $40 billion.

විශේෂයෙන්ම පසුගිය වසර කිහිපය තුළ Microsoft සමාගම ඔවුන්ගේ Windows 10 මෙහෙයුම් පද්ධතිය ARM chipset සඳහා නිර්මාණය කරනු ලැබූ අතර Apple සමාගම ද Intel based chipset වෙනුවට, ඔවුන් විසින්ම නිර්මාණය කරනු ලබන ARM based processors වෙත මාරු වෙමින් පවතින බව දැකියහැකි වුණා.

Apple ආයතනය විසින් Mac පරිගණක සඳහා Intel වෙනුවට ARM-based processors භාවිතයට යොමු වන ලකුණු
Apple සමාගම මේ මාසයේ පැවැත්වීමට නියමිත WWDC 2020 හිදී Intel processors වලින්තමන්ගේම ARM-based chips වෙත මාරු වීමට සූදානම් වන බව නිළ වශයෙන් නිවේදනය කරනුඇතැයි මේ වන විට Bloomberg වෙබ් අඩවිය වාර්තා කරනු ලබනවා[https://www.bloomberg.com/news/articles/2020-06-09/apple-plans-to-announce-move-to-its-own-mac-chips-at-wwdc…

කොහොම නමුත් GPU නිෂ්පාදනය පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලන Nvidia සමාගම මේ දක්වා ඔවුන්ගේ Tegra chipsets හැරුණු කොට වෙනත් Arm architectures වැඩි වශයෙන් භාවිතා නොකරන නමුත්, ඉදිරියේදී Nvidia සමාගමේ AI computing platform එක Arm සමාගමේ තාක්ෂණයන් සමඟ එකතු කිරීමට ඔවුන් බළාපොරොත්තු වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Nvidia Newsroom එක සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.