Meta විසින් නව, වඩාත් කාර්යක්ෂම Llama මොඩලයක් එළිදක්වයි
Meta සමාගම විසින් එහි Llama නවතම model එක මීට ටික වෙලාවකට පෙර නිල වශයෙන් නිවේදනය කළා. මෙය නම් වෙන්නේ Llama 3.3 ලෙසයි මේ මොඩලය වෙත 70 billion parameters අඩංගු වෙනවා.
Meta සමාගමේ CEO වන Mark Zuckerberg විසින් Facebook සහ Instagram වෙත video එක් කරමින් තමයි නිවේදනය කලේ.
ඒවගේම Meta VP of generative AI, Ahmad Al-Dahle X වෙත post එකක් පල කරමින් සඳහන් කලේ Text-only Llama 3.3 70B, Meta හි විශාලතම Llama මොඩලය වන Llama 3.1 405B තරම්ම කාර්ය සාධනය හා ක්රියාකාරිත්වය ඊට වඩා අඩු වියදමකින් හා processing බලයකින් ලබාදීමට හැකි මොඩලයක් බවයි.
Al-Dahle විසින් මේ X post එකේ පල කල ක්රියාකාරිත්වයන් සසඳා ඇති ප්රස්ථාරය අනුව මේ නව Llama 3.3 Google Gemini 1.5 Pro, OpenAI GPT-4o සහ Amazon අලුතින් නිකුත් කරන ලද Nova Pro අභිබවා යන මට්ටමේ හැකියාවන් සහිතයි.
Introducing Llama 3.3 – a new 70B model that delivers the performance of our 405B model but is easier & more cost-efficient to run. By leveraging the latest advancements in post-training techniques including online preference optimization, this model improves core performance at… pic.twitter.com/6oQ7b3Yuzc
— Ahmad Al-Dahle (@Ahmad_Al_Dahle) December 6, 2024
Llama 3.3 70B මොඩලය, ජනප්රිය AI dev platform එකක් වන Hugging Face වෙතින් සහ නිල Llama වෙබ් අඩවිය තුලින් නිල වශයෙන් නොමිලේම download කරගන්න හැකියාව තියෙනවා.
AI ක්ෂේත්රය අතික්රමණය කරන්න Meta වෙතින් ආරම්භ කරන අලුත්ම සැලසුමේ කොටසක් විදිහට තමයි මේ “open” models සංකල්පය ඔවුන් භාවිත කරන්නේ. මේ හරහා ඔවුන් AI models Open-source කිරීම තමයි අරමුණු කෙරෙන්නේ.
නොමිලේ download කරගන්න සහ වාණිජ අරමුණු වෙනුවෙන් භාවිත කරන්න මේ හරහා ඔබට හැකි වුනත් එහි සීමාවන් තිබෙන බව නම් කියන්නම ඕනේ. Meta සමාගමේ යම් යම් නියමයන් ඇතැම් සංවර්ධකයින්ට (developer) Llama මොඩල භාවිතා කළ හැකි ආකාරය තරමකට සීමා කෙරෙනවා.
උදාහරණයක් විදිහට මිලියන 700කට වැඩි මාසික පරිශීලකයින් සිටින platform එකක මේ මොඩල භාවිත කරන්න විශේෂ බලපත්රයක් ඉල්ලා සිටිය යුතු වෙනවා.
හැබැයි ඉතින් බොහෝ දෙනෙකුට මේ Meta සමාගමේ සම්පුර්ණ “open” නොවන පිළිවෙත ගැටළුවක් නොවෙන බව නම් හොඳටම පැහැදිලියි. Meta සමාගමට අනුව මේ වෙද්දී Llama, download ප්රමාණය මිලියන 650 පසු කර අවසන්.
ඒවගේම Mark Zuckerberg ට අනුව Llama මොඩලයන් සතුව මාසික පරිශීලකයන් මිලියන 600ක් පමණ සිටින අතර මේ වසරේ most-used AI assistant වෙන්නත් හැකි වෙන්නේ ඔවුන්ගේ Meta AI එකටයි.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා llama.com වෙබ් අඩවිය සහ techcrunch.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.