macOS Catalina සංස්කරණය නිළ වශයෙන් නිකුත් කිරීමට Apple සමාගම කටයුතු කරයි

macOS එකේ නවතම සංස්කරණය වන macOS Catalina, එහෙමත් නැතිනම් macOS 10.15 සංස්කරණය ඔක්තෝම්බර් මාසයේ නිකුත් කිරීමට නියමිත බව අපි ඔබව කලින් දැනුවත් කළා මතක ඇති.

මීළඟ macOS සංස්කරණය වන Catalina ඔක්තෝම්බර් මාසයේදී නිකුත් කිරීමට Apple සමාගම තීරණය කරයි
දිගු කාලයක් තිස්සේ beta testings සිදු කිරීමෙන් පසුව මීළඟ ඔක්තෝම්බර් මාසයේදීmacOS වල මීළඟ ප්‍රධාන සංස්කරණය වන macOS Catalina සංස්කරණය නිකුත් කිරීමට Appleසමාගම සූදානම් වෙනවා. මෙම යාවත්කාලින කිරීම සමඟ නවතම විශේෂාංග රාශියක් Apple පරිශීලකයන් හට ලැබීමට නියමිතවන අතර, සාමාන්‍යය පරිදි Mac App Store එක හර…

බොහෝ දෙනා මෙය ඔක්තෝම්බර් 4 වැනි දින නිකුත් කරනු ඇතැයි බළාපොරොත්තු වුවත් එසේ සිදු නොවූ අතර ඊයේ දිනයේ මෙම සංස්කරණය පරිශීලකයන් හට නිළ වශයෙන් නිකුත් කිරීමට Apple සමාගම කටයුතු කරනු ලැබුවා.

macOS - How to Upgrade
See if your Mac is ready for macOS Catalina, the latest version of macOS. And find out how to upgrade quickly and easily.

මේ macOS Catalina සංස්කරණය පහත සඳහන් වන පරිගණක වලට ලබාගතහැකි අතර මේ සඳහා System Preference​ වල තිබෙන​ Software update​ පහසුකම භාවිතා කළ යුතු වෙනවා.

  • MacBook (Early 2015 or newer)
  • MacBook Air (Mid 2012 or newer)
  • MacBook Pro (Mid 2012 or newer)
  • Mac mini (Late 2012 or newer)
  • iMac (Late 2012 or newer)
  • iMac Pro (2017)
  • Mac Pro (Late 2013 or newer)

මෙම යාවත්කාලීන කිරීම 8.09GB පමණ ​ධාරිතාවයකින් යුක්ත වන නමුත් මේ upgrade එක සිදු කරන අවස්ථාවේ පරිගණකයේ free space එක 12.5GB වලට වඩා වැඩි විය යුතු බවත්, OS X Yosemite හෝ ඊට පෙර සංස්කරණයක සිට upgrade කරන්නේ නම් 18.5GB පමණ free storage එකක් තිබිය යුතු වන බවත් Apple සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Apple වෙබ් අඩවිය, Apple Newsroom වෙබ් අඩවිය හා MacRumors වෙබ් අඩවිය භාවිතා කළ හැක.