වඩා හොඳ බැටරි ආයුකාලයක් ලබාගැනීමට ඉවහල් වන නව බැටරි තාක්ෂණයක් වැඩිදියුණු කිරීමට ජපාන පර්යේෂකයින් පිරිසක් සමත් වෙයි

වර්තමානයේ Electronic උපාංග වල භාවිතා වන බැටරි වල අභ්‍යන්තර සැකැස්ම සෑම ආරෝපණයකින්ම පසු එහි ආයුකාලය හීන කරනු ලබනවා.

බැටරි තුළ ඇති Binding meterials වල දුර්වල ක්‍රියාකාරිත්වය හේතුවෙන් වාර 500 ක් (charging cycles) තරම් ඉතා අඩු Recharge කිරීම් ගණනාවකදී (ආසන්න වශයෙන් වසර එකත් දෙකත් අතර කාලයක් ඇතුලත) පවා බැටරියේ ධාරිතාවෙන් 40% ක් පමණ අහිමි වන බව ගණන් බලා තිබෙනවා.

වර්තමාන බැටරි තාක්ෂණය වෙනුවෙන් යොදා ගන්නා Polyvinylidene Fluoride (PVDF) නම් අමුද්‍රව්‍ය මෙයට හේතුව වී තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස, ඡංගම දුරකතනයක් මිලදී ගෙන වසරක් හෝ දෙකක් ඇතුළත එහි බැටරියේ ගුණාත්මභාවය සැලකිය යුතු ලෙස පහත වැටෙන බව අත්දැකීමෙන්ම ඔබ දන්නවා ඇති.

Japan Advanced Institute of Science and Technology (JAIST) හි පර්යේෂකයින් විසින් නව බැටරි තාක්ෂණයක් හඳුන්වා දෙන්නේ මෙම පසුබිම තුළ වෙන අතර, මෙම නව තාක්ෂණය සමඟ Recharge කිරීම් වාර 1,700 ක් තරම් ඉහල වාර ගණනක් ඉක්මවා යෑමේදී පවා බැටරියේ ගුණාත්මක භාවය 95% ක් තරම් ප්‍රශස්ත අගයක රඳවා ගැනීමට සමත් වෙනවා.

Polyvinylidene Fluoride (PVDF) වෙනුවට මෙම නව බැටරි තාක්ෂණය සඳහා Bis-imino-acenaphthenequinone-Paraphenylene (BP) නම් නව Binding meterilal එකක් සොයාගෙන තිබෙන අතර, මෙම අමුද්‍රව්‍ය භාවිතා කිරීම මඟින් බැටරියේ මුල් ධාරිතාව සැලකිය යුතු ලෙස අඩු නොකර වසර 5 ක් දක්වා පමණ කාර්යක්ෂමව පවත්වාගැනීමට හැකියාව ලැබෙනවා.

New copolymer binder to extend the life of lithium ion batteries
Anyone who has owned a smartphone for over a year is most likely aware that its built-in lithium (Li)-ion battery does not hold as much charge as when the device was new. The degradation of Li-ion batteries is a serious issue that greatly limits the useful life of portable electronic devices, indire…

මෙම තාක්ෂණය අනුව නිපදවන බැටරි Smartphone, Laptop හෝ Electric Vehicle පවා බලගැන්වීමට භාවිත කළ හැකි බව මෙම පර්යේෂකයින් පෙන්වා දෙන අතර, එමඟින් Electric Vehicle මිලදීගැනීමට පාරිභෝගිකයන් පෙළඹවීමටද අවකාශය ලබාදෙනවා.

ඉක්මනින්ම ක්ෂය වන බැටරි වෙනුවට දිගු කාලයක් භාවිතා කල හැකි බැටරි නිපදවීම සම්බන්ධයෙන් පර්යේෂකයින් කාලයක් තිස්සේ පර්යේෂණ කරමින් සිටින අතර, එහි තිරසාර විසඳුම් වෙත ඔවුන් මේ වන විට ළඟා වෙමින් සිටිනවා.

මේ නිසා නුදුරු අනාගතයේ දීම වඩා හොඳ බැටරි තාක්ෂණයක් සහිත ඉලෙක්ට්‍රොනික් උපාංග භාවිතා කිරීමේ හැකියාව සෑම පරාසයකම පාරිභෝගිකයන් හට අවස්ථාව ලැබීමට නියමිත වන බව අනුමාන කළ හැකි වෙනවා.


මීට අමතරව දැනට බහුල වශයෙන් භාවිතා වන Lithium-ion සහ lithium-polymber batter තාක්ෂණයන් සහ ඒවායේ වෙනස පිළිබඳව දැනගැනීම සඳහා අපගේ පහත TechRoom ලිපිය භාවිතා කළ හැක.

Lithium-ion සහ lithium-polymer battery තාක්ෂණයන් පිළිබඳව සරළව දැනගනිමු
Lithium-ion (Li-ion) battery තාක්ෂණය බොහෝ කලක සිටම smartphones සහ portablegadgets සඳහා භාවිතයට ගත් battery තාක්ෂණයක් වන නමුත් නවීන smartphones වල බහුලවදැකගැනීමට හැකි බැටරි තාක්ෂණය වන්නේ lithium-polymer (Li-poly) battery තාක්ෂණයයි. මෙම battery වර්ග දෙකෙහිම පොදුවෙහි වාසි සහ අවාසි දැකගැනීමට හැකියාව …
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය සහ EurekaAlert වෙබ් අඩවිය භාවිතා කළ හැක.