iOS 12.1 Update එක ස්ථාපනය කිරීමෙන් පසුව iPhone X ජංගම දුරකථනයක් පුපුරා යයි
Apple සමාගම විසින් හදිසියේම Apple ID lock කිරීමට කටයුතු කිරීමක් ගැන ඊයේ දිනයේ අපි ඔබව දැනුවත් කළා මතක ඇති. ඔන්න දැන්, iPhone X ජංගම දුරකථනයක් පුපුරායාමක් ගැනත් ප්රවෘත්තියක් වාර්ථා වෙනවා.
iOS 12.1 update එක ස්ථාපනය කරමින් සිටින අතරතුරදී තම iPhone X ජංගම දුරකථනය පුපුරා ගිය බව Twitter පරිශීලකයෙකු වන Rocky Mohamadali නම් පුද්ගලයෙකු විසින් වාර්ථා කර තිබෙන අතර එම පුපුරා ගිය ජංගම දුරකථනයේ ඡායාරූප කිහිපයක් ද ඒ සමඟ එකතු කිරීමට ඔහු කටයුතු කර තිබෙනවා.
@Apple iPhone X just got hot and exploded in the process of upgrading to 12.1 IOS. What’s going on here??? pic.twitter.com/OhljIICJan
— Rocky Mohamadali (@rocky_mohamad) November 14, 2018
බොහෝ වේලාවට මේ ආකාරයේ අනතුරු සිදු වන්නේ අදාල දුරකථනයට නොගැලපෙන ආකාරයේ charger එකක් භාවිතා කරමින් charge කිරීමේදී වුවත්, මේ අවස්ථාවේදී අදාල ජංගම දුරකථනය සමඟින් ලැබුණු original charger එක සහ lightning cable එක භාවිතා කරමින් සිටි බව ඔහු වැඩි දුරටත් ප්රකාශ කර තිබෙනවා.
That's definitely not expected behavior. DM us, so we can look into this with you: https://t.co/GDrqU22YpT
— Apple Support (@AppleSupport) November 14, 2018
Apple සමාගම විසින් මේ පිළිබඳව නිළ ප්රකාශක් තවමත් සිදු කර නොමැති අතර අදාල Tweet එකට පිළිතුරු සපයමින් Apple සමාගම විසින් පවසා තිබෙන්නේ මෙය ඔවුන් විසින් බළාපොරොත්තු නොවූ සිදුවීමක් බවත්, වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන් ව සෘජුව සම්බන්ධ කරගන්නා ලෙසත් ය.
මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය හා Gadgets 360 වෙබ් අඩවිය භාවිතා කළ හැක.