Facebook, Spotify, Viber ඇතුළු iOS Apps ගණනාවක් අකර්මන්‍යය වී crash වෙමින් පවතින බව වාර්ථා වෙයි
මේ වන විට ලොව පුරා iOS පරිශීලකයින් ගණනාවක් විසින් Viber, Pinterest, TikTok, Spotify, Tinder, Twitter, Fitbit, Call of Duty, Snapchat ඇතුළු ප්‍රධාන apps ගණනාවක් crash වෙමින් පවතින බව වාර්ථා කරමින් සිටිනවා.
Is anyone else having issues opening...any apps on iPhone? pic.twitter.com/JjEkkojVWa
— Rosie Percy (@rosiepercy) July 10, 2020
මේ වෙනුවෙන් Viber ආයතනය ඔවුන්ගේ නිළ Twitter ගිණුම හරහා පණිවිඩයක් ලබාදෙමින් ප්‍රකාශ කර සිටින්නේ Viber ඇතුලුව තවත් iOS apps දහස් ගණනක් අකර්මන්‍යය වී ඇති බවත්, එය ඉතා ඉක්මණින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරනු ලබන බවත්, මෙම apps uninstall කර නැවත install කිරීම මගින් ගැටළුව නිරාකරණය නොවන බැවින්, uninstall නොකර, ඉවසීමෙන් සිටින ලෙසයි.
Thousands of apps in the world including @Viber are down on iOS / iPhone, due to a technical problem that will be fixed anytime soon.
— Viber (@Viber) July 10, 2020
‼️Do not uninstall and reinstall Viber it won’t fix the problem.‼️
Viber will be back anytime soon.
Thanks for your patience.
මෙම වසරේ ම මීට පෙර අවස්ථාවකදීත් Facebook SDK එකෙහි ඇති වූ ගැටළුවක් නිසාවෙන් මෙම ආකාරයේම බිඳ වැටීමක් සිදු වූ අතර ඒ පිළිබඳවත් අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති.
අද උදැසන වාර්තා වලට අනුව Facebook ආයතනය විසින් මීට අදාල දෝෂයක් සොයාගැනීමට සමත් වී ඇති අතර, Facebook iOS SDK එකේ පහත සඳහන් වන components භාවිතා කරනු ලබන apps සහ සේවාවන් සඳහා මෙම තත්ත්වය බළපානු ඇති බව වාර්ථා වෙනවා.
- FBSDKCoreKit (5.4.1):
- FBSDKCoreKit/Basics (= 5.4.1)
- FBSDKCoreKit/Core (= 5.4.1)
- FBSDKCoreKit/Basics (5.4.1)
- FBSDKCoreKit/Core (5.4.1):
- FBSDKCoreKit/Basics
- FBSDKLoginKit (5.4.1):
- FBSDKCoreKit (~> 5.0)
කොහොම නමුත් මේ ගැටළුව නිරාකරණය කිරීමට Facebook සමාගම තවමත් කටයුතු කරමින් සිටින අතර ඒ වන තුරු අදාල apps offline mode එකකට සහාය දක්වන්නේ නම්, එම ආකාරයෙන් භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා.
Spotify, Pinterest, Tinder or other iPhone apps crashing for you? Here’s how to fix it: https://t.co/hBewckbhKZ pic.twitter.com/GnMJAxcLo7
— Tom Warren (@tomwarren) July 10, 2020
මීට අමතරව මෙම ගැටළුව ඇති වන්නේ Facebook SDK එක මගින් විවිධ apps හරහා පරිශීලකයින් track කිරීමට කටයුතු කිරීමේදී වන බැවින්, 3rd party trackers block කරනු ලබන VPN සේවාවක් භාවිතා කිරීම හරහා මඟහරවාගත හැකි අතර මෙය තාවකාලික විසඳුමක් ලෙස භාවිතා කළ හැකි වෙනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Downdetector වෙබ් අඩවිය, නිළ Viber Twitter ගිණුම, Mirror වෙබ් අඩවිය සහ 9to5mac වෙබ් අඩවිය භාවිතා කළ හැක.