Comments කිහිපයක් එකවර delete කිරීමේ සහ Comments pin කිරීමේ පහසුකම් Instagram වලට ලබාදීමට සූදානම් වෙයි

Instagram විසින් නව විශේෂාංග කිහිපයක් දියත් කිරීම සහ පරීක්ෂා කිරීම මේ වන විට ආරම්භ කර ඇති අතර ඔවුන්ගේ Instagram platform එක තවත් හොඳ තත්ත්වයට ගෙන ඒම සඳහා මෙය ප්‍රයෝජනවත් වන බව ඔවුන් විශ්වාස කරනවා.

මේ අනුව එකවර comments 25ක් දක්වා delete කිරීමේ හැකියාව, Comment pin කිරීමේ හැකියාව සහ එකවර accounts කිහිපයක් block කිරීමට හෝ restrict කිරීමේ හැකියාව ආදී පහසුකම් ඒ අතර වේ.

Image: Instagram

Instagram සමාගම පවසන්නේ මෙම features තවමත් පරීක්ෂා කරමින් සිටින බව වන අතර YouTube video එකක comment pin කිරීම හා සමානව Instagram comments pin කිරීමේ පහසුකම ක්‍රියාත්මක වනු ඇති බවත්, මෙමගින් ප්‍රයෝජනවත් comment ඉස්මතු කිරීමට නිර්මාණකරුවන්ට ඉඩ ‍ලැබෙන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

Image: Instagram

මෙවැනි tools නිර්මාණය කිරීමෙන් සමාගම අපේක්ෂා කරන්නේ online bullying වලට එරෙහි වීම බව ඔවුන් පෙන්වා දෙන අතර ඊට අමතරව Facebook සහ Instagram යන platform ද්විත්වයෙහි ම අනවශ්‍යය content ඉවත් කිරීමේ උත්සාහයන් පිළිබඳව වන තොරතුරු ද නිකුත් කර තිබෙනවා.

එහි සදහන් ආකාරයට bullying සහ harassment violations නිසා 2019 වසරේ අවසන් මාස තුන සහ 2020 වසරේ පළමු මාස තුන යන කාලය දක්වා පමණක් Instagram හි contents මිලියන 1.5 කට එරෙහිව පියවර ගැනීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

මේ කටයුතු සඳහා AI තාක්ෂණය භාවිතා කරමින් අනවශ්‍යය හා අහිතකර comments filter කරගැනීමටත්, විවිධ හිරිහැර කිරීම් වලට අදාල photos, captions ආදිය හඳුනාගැනීමටත් පියවර ගෙන ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Instagram නිළ blog අඩවිය භාවිතා කළ හැක.