Huawei සමාගමේ අලුත් මෙහෙයුම් පද්ධතිය වන HarmonyOS එක නිළ වශයෙන් එළිදැක්වීමට කටයුතු කරයි
Huawei සමාගමේ Hongmeng OS එක මේ සතිය ඇතුලත එළිදැක්වීමට කටයුතු කරනු ඇති බව පසුගිය අගෝස්තු මස 5 වැනි දින අපි ඔබව දැනුවත් කළා මතක ඇති.
ඔන්න දැන් Android මෙහෙයුම් පද්ධතිය වෙනුවට භාවිතා කිරීමට සූදානම් වන Huawei සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය ගැන නිළ වශයෙන් නිවේදනය කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.
HarmonyOS has just been announced at #HDC2019! How are we going to build an all-scenario smart ecosystem and experience? How will we overcome the challenges of future OS for connected things? Stayed tuned with us to find out. pic.twitter.com/x7ZbgcEy2d
— Huawei Mobile (@HuaweiMobile) August 9, 2019
HongmengOS ලෙස මුලින් හැඳින්වූ මෙම මෙහෙයුම් පද්ධතිය HarmonyOS ලෙස නම් කිරීමට කටයුතු කර ඇති අතර, එය smartphone වල සිට smart speakers, විවිධ sensors වැනි IoT devices දක්වා ඕනෑම device එකක් භාවිතා කළ හැකි ලෙස නිර්මාණය කිරීමට ඔවුන් කටයුතු කර ඇති බව වාර්ථා වෙනවා.
#HarmonyOS was created with four major building blocks in mind, ensuring a new generation OS that is best suited for our digital world today. #HDC2019 pic.twitter.com/7vgEuwuUG6
— Huawei Mobile (@HuaweiMobile) August 9, 2019
මේ OS එක microkernel-based, එහෙමත් නැතිනම් thread management සහ processor එක තුළ සිදුවන ක්‍රියාවලි වැනි මූලික ක්රමයන්ගෙන් පමණක් සමන්විත වන kernel එකක් පාදක කරගෙන නිර්මාණය කර ඇති අතර, මේ හරහා වැඩි devices ප්‍රමාණයක් වෙනුවෙන් අදාල පරිදි මෙය වෙනස් කරගැනීමට අවශ්‍යය flexibility එක ලැබෙන බව ඔවුන් පෙන්වා දෙනවා.
For the first time, #HarmonyOS will have a verified TEE (Trusted Execution Environment). Improving connected security across multiple smart devices in a connected all-scenario world #HDC2019 pic.twitter.com/o1TF54Hjkc
— Huawei Mobile (@HuaweiMobile) August 9, 2019
එමෙන්ම C/C++, Java සහ Kotlin වැනි programming languages වලින් ලියන ලද code, Huawei සමාගමේ ARK Compiler එක භාවිතා කරමින් මේ HarmonyOS එකේ භාවිතා කළ හැකි ලෙස compile කරගැනීමේ හැකියාව මෘදුකාංග නිර්මාපකයන් හට ලැබෙන බව ද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
කොහොම නමුත් root access ලබාගැනීමේ හැකියාව Android සහ Linux පාදක කරගත් මෙහෙයුම් පද්ධති වල තිබෙන විශාල ආරක්ෂක දුර්වලතාවයක් ලෙස එය පෙන්වාදීමට Huawei සමාගම කටයුතු කළ අතර මේ operating system එකේ root access ලබා ගැනීමේ හැකියාව ලබා නොදීමට මොවුන් තීරණය කර තිබෙනවා.
මීට අමතරව මෙම මෙහෙයුම් පද්ධතිය සහ ARK Compiler එක ඉදිරියේදී open source කිරීමට කටයුතු කරනු ලබන බවත්, දැනට පවතින Android apps මේ HarmonyOS එක මත ද භාවිතා කිරීමේ හැකියාව තිබෙන බවත්, මූලිකව මෙය Smart TV සඳහා අන්තර්ගත කිරීමට කටයුතු කරනු ලබන අතර අනෙකුත් devices සඳහා 2020 වර්ෂය වන විට මෙය භාවිතා කිරීමට සූදානමින් සිටින බවත් ප්‍රකාශ කර සිටිනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය හා TNW වෙබ් අඩවිය භාවිතා කළ හැක.