තාක්ෂණික පුවත් වෙබ් අඩවියක් ලෙස අතිශය ජනප්‍රිය GSMArena වෙබ් අඩවිය සිය 20 වන උපන් දිනය සමරයි

තාක්ෂණික පුවත් සපයන ලොව පුරා ජනප්‍රිය GSMArena.com වෙබ් අඩවිය ඊයේ දිනයේ (15/06/2020) සිය 20 වන උපන්දිනය සැමරුවා.

මීට වසර 20 කට පෙර එනම් වසර 2000 දී මෙම වෙබ් අඩවිය ආරම්භ කල අතර අද වන විට තාක්ෂණික උපාංග පිළිබඳව තොරතුරු ලබාදෙන ලොව ප්‍රමුඛතම මූලාශ්‍රයක් බවට පත්ව තිබෙනවා.

මේ GSMArena වෙබ් අඩවියේ mobile version එක 2012 වර්ෂයේ දී හඳුන්වා දීමට ඔවුන් කටයුතු කල අතර GSMArena mobile app එක පසුගිය 2019 වසරේ ජූලි මාසයේදී හඳුන්වාදීමට ද ඔවුන් කටයුතු කරනු ලැබුවා.

එමෙන්ම මෙම වසරේ අප්‍රේල් මාසයේදී GSMArena Youtube නාලිකාව Subscriber වරුන් මිලියනයනයේ සීමාව පසු කිරීමට සමත් වුණා.

ජංගමද දුරකථන Specifications සහ release date පිළිබඳව තොරතුරු ලබා දෙමින් ඇරඹි මෙම වෙබ් අඩවිය මේ වන විට එයින් එපිටට ගොස් Smartwatch, Earbuds ආදී සියලුම තාක්ෂණික උපාංග පිළිබඳව තොරතුරු ලබා දීම මෙන්ම ඒ ආශ්‍රිත සියලුම ආකාරයේ ප්‍රවෘත්ති ලබා දෙන වෙබ් අඩවියක් බවට පත් වී තිබෙනවා.

TechNews.LK හි අපද, අපගේ බොහෝ ප්‍රවෘත්ති සඳහා මූලාශ්‍රය බවට මෙම වෙබ් අඩවිය භාවිතා කරනු ලබන අතර Techie Team එක වෙනුවෙන්, අපි මේ GSMArena වෙබ් අඩවියට සුභ උපන්දිනයක් ලෙස ප්‍රාර්ථනා කරනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.