පොලිසිය ඉන්න තැන් රියදුරන්ට කියන Google Maps අලුත්ම Feature එක

Google Maps කියන්නේ පරිශීලකයන් බිලියන දෙකක් පමණ භාවිත කරන ලෝකේ ප්‍රසිද්ධ Navigation සේවාවක්. ඔබත් smart දුරකතනයක් භාවිත කරනවා නම් Google Maps කියන්නේ නොවරදින app එකක්. 

ඔබ නිතර දෙවේලේ Google Maps භාවිත කරන රියදුරෙක් නම් පසුගිය දින කිහිපයක සිට පොලිසිය ඉන්න තැන් හා මුරපොලවල් ගැන ඔබට වෙලාස්සනනින් ම popup notification එකක් ආකාරයෙන් දැනුම් දීමක් සිදුවෙන බව ඔබ දැක්කා ද? 

පසුගිය ජූලි මාසයේ Google සමාගම ඔවුන්ගේ සේවාවන් බොහෝ ප්‍රමාණයක්  redesign එහෙම නැත්නම් අලුත් කෙරෙන බව නිවේදනය කළා.  මේ අලුත් වෙන සේවාවන් අතරට Google Maps ඇතුලත් වෙනවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට තමයි redesigned incident reporting sytem එකක් පරිශීලකයන් වෙච්ච අපිට හිමි වෙන්නේ. 

සේවාව ක්‍රියාත්මක වෙන ආකාරය ගැන හැදුනු sarcastic video එකක්

මේ පහසුකම එක් වෙන්නේ Alphabet Inc. සමාගම (Google මව් සමාගම) යටතේ ම තියෙන තවත් Navigation සේවාවක් වෙන Waze වල සහ දැනටම Waze භාවිතා කරන community එකේ සහයත් එක්ක. 

මේ incident reporting system එක Google Maps පරිශීලකයන් ට අලුත් වුණාට Waze වල මේවගේ විශේෂ පහසුකම් ගණනාවක් ම දැනටම ඇතුලත් වෙනවා. උදාහරණ විදිහට Show traffic jams, Show reports, Show other Wazers, Show garbage trucks and snowplows දක්වන්න පුළුවන්. 

report එක Wazes පරිශීලකයෙකු ගෙන් ලැබුණු විට

Waze කියන්නේ ඉතාම වැඩි වශයෙන් තම සේවාවේ පරිශීලකයන් හා ඔවුන්ගේ updates මත පදනම් වෙච්ච සේවාවක්. ලංකාවේ මේ සේවාව භාවිත කරන පිරිස අඩු නිසා මේ හැම පහසුකමක් ම නම් 100% ලංකාවේ භාවිත කරන්න පුළුවන් වෙයිද කියන එක නම් සැකයි. 

incident reporting system එක පොලිසිය ඉන්න තැන කියන එක ප්‍රධාන වෙච්ච පහසුකමක් නම් නෙමෙයි. මේ ඔස්සේ හදිසියේ සිදු වන අනතුරක් ගැන, මාර්ගයේ සිදුවන අලුත්වැඩියා ගැන වගේ දේවල් Google Maps වෙත එක කරන්න ඔබට පුළුවන්.  ඒවගේ දේවල් එකතු වුනාට පස්සේ අනික් පරිශීලකයන්ට විකල්ප මාර්ග භාවිත කරන්න Google Maps උදව් වෙනවා. 

පොලිසිය ඉන්න තැන ගැන කියන "Police reported ahead." කියන පණිවුඩය හෝවෙනත් සිදුවීමක් ගැන පණිවුඩය ඔබට එන්නෙත් යම් පරිශීලකයන් ප්‍රමාණයක් මේ ගැන Google Maps වෙත හෝ Waze වෙත report කලාට පසුවයි. ඒවගේම තවමත් පොලිසිය එම ස්ථානයේ ඉන්නවද ("Are they still there?" with large Yes and No) වගේ පැනයන් ඔබෙන් අහලා ඒ සිදුවීම ගැන අලුත්ම update එක community එක වෙත බෙදාගන්න එකත් මේ හරහා සිද්ද වෙනවා. 

මේ සේවාවන් ලබාගන්න Waze රියදුරන්ගේ සහය ගන්න නිසාම අදාළ report එක ආවේ Waze රියදුරෙක් ගෙන්ද නැතිනම් GMaps භාවිත කරන පරිශීලකයෙක් ගෙන්ද කියන එක ඔබට දැනුවත් කෙරෙනවා. 

report එක Google Maps පරිශීලකයෙකු ගෙන් ලැබුණු විට

මම මුලින් කිව්වා වගේ Waze කියන්නේ crowdsourced mapping conditions වල වඩා අවධානයක් යොමු කෙරෙන සේවාවක් GMaps බොහෝ විට general purpose focused සේවාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. 

කොහොම වුනත් සේවාවන් දෙකම මේ වගේ පහසුකම් share කරගන්න එකෙන් සේවාවන් දෙකේම පරිශීලකයන් ට නම් ලොකු වාසියක් සිද්දවෙන බව කියන්නම ඕනේ. හැබැයි Google කියන්නේ තමන් යටතේ තියෙන සේවාවන් බොහොමයක් වසා දමන්න හරි ඉක්මනට තීරණය කරන සමාගමක්, ඉතින් Waze සියලු පහසුකම් GMaps වලට ආවට පස්සේ තව දුරටත් Waze සක්‍රීයව තියාගන්න Alphabet සමගමට හේතුවක් තියෙයි ද කියන එක නම් ගැටළුවක්. 

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා blog.google වෙබ් අඩවිය සහ 9to5google.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.