April Fools’ Day එක දින Google Maps වලට Snakes game එක එකතු කිරීමට Google සමාගම කටයුතු කරයි

April Fools’ Day එක වෙනුවෙන් Microsoft සමාගම කිසිඳු ක්‍රියාකාරකමක් නොකරන ලෙස තම සේවකයන් හට නියෝග කර තිබුණත්, Google සමාගම විසින් නම් මේ වෙනුවෙන් සියලුදෙනා හට උත්සාහ කළ හැකි game එකක් ලබා දීමට කටයුතු කර තිබෙනවා.

මේ වන විට ලොව පුරා iOS සහ Android භාවිතා කරන්නන් හට මේ අලුත් game එක play කළ හැකි අතර අද සිට තවත් සතියක කාලයක් මෙය මෙසේ පවතිනු ඇති බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

ඉහත gif image එකේ පෙන්වන ආකාරයට මේ game එක launch කළ හැකි අතර, ලොව පුරා නගර රාශියක් මත තමන්ගේම train/bus එකක් ධාවනය කිරීමටත්, ඒ වෙනුවෙන් හැකි තරම් මගීන් එකතු කරගැනීමටත් මේ වන විට හැකියාව ලැබී තිබෙනවා.

Google Maps App එක භාවිතා නොකරන පිරිසට මේ game එක play කිරීම සඳහා snake.googlemaps.com නම් වූ අලුත් වෙබ් අඩවියක් ද නිකුත් කිරීමට Google සමාගම කටයුතු කර තිබෙන අතර, ඔබගේ ජංගම දුරකථනයේ Google Maps නොමැති නම්, මේ වෙබ් අඩවිය හරහා මේ අලුත් game එක play කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා.

ඔබ Keyboard එක හුරු කෙනෙක් නම්, ජංගම දුරකථනයට වඩා ඉතාමත් පහසුවෙන් ඉහත වෙබ් අඩවිය භාවිතා කරමින් මෙය play කිරීමේ හැකියාව ලැබෙනවා.


මීට අමතරව ජපානයේ Google ආයතනය විසින් Gboard Spoon - Bending version නමින් තවත් video එකක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

Gboard Spoon - Bending Version
Google Tulip

මේ video එක හරහා පෙන්වන පරිදි Google Home භාවිතා කරමින් Tulip වලට කතා කළ හැකි ක්‍රමයක් නිර්මාණය කර ඇති බව පෙන්වා දෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Google Blog එක හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.