GitHub වෙතින් Private Repositories නොමිලයේ නිර්මාණය කිරීමේ හැකියාව ලබා දීමට කටයුතු කරයි

හැමෝටම මතක ඇති පසුගිය වසරේ GitHub එක Microsoft ආයතනය මගින් මිලදීගන්නට කටයුතු කළා වගේම GitHub Education pack එකත් මේ වන තුරු නොමිලයේ ලබා දෙන්නට ඔවුන් කටයුතු කළා.

ඒ වගේම GitHub ආයතනය Microsoft එකෙන් මිලදී ගන්නා විට GitLab වගේ වෙනත් සේවාවන් වලට මාරු වීමට කටයුතු කළ අයට මෙන්ම නොමිලයේ Private repositories තබා ගැනීමට නොහැකි වූ නිසාවෙන් වෙනත් සේවාවන් වලට මාරු වූ අයට හොඳ ආරංචියක් අරගෙන එන්න මොවුන් කටයුතු කර තිබෙනවා.

2019 වර්ෂයේ සිට Private repositories ඕනෑ තරම් නොමිලයේ නිර්මාණය කිරීමට ඉඩ ලබා දීමට GitHub විසින් තීරණය කර ඇති නමුත් මෙහෙදී සහභාගී විය හැකි සාමාජිකයන් ගණන 3කට සීමා කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

කොහොම වුණත් ඔයා තනියම app එකක් develop කරනවා නම් හරි, software development වල යෙදෙනවා නම් හරි මේ ප්‍රවෘත්තිය ඉතාමත් වැදගත් වේවි. ඒ වගේම ඕන නම් ඔයාගේ වැඩ වලට තව මිතුරන් දෙදෙනෙක් දක්වා සම්බන්ධ කරගන්නත් ඔයාට අවස්ථාව තිබෙනවා.

මෙම පහසුකම ලබා දීමට ප්‍රධාන හේතුව ලෙස Microsoft සමාගම පෙන්වා දෙන්නේ, බොහෝ වෙලාවට software develop කරන්නන් හට රැකියාවක් සඳහා ඉල්ලුම් කිරීමේදී තම projects පෙන්වීමට අවශ්‍යය වූ විට public repositories පමණක් පෙන්වීමට සිදු වීම නිසා සිදු වන අපහසුතාවය මැඩලීමට බවයි.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය හා Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.