Phone එක Unlock නොකර Call ගන්න පුළුවන් පහසුකමක් Gemini වෙත
Gemini phone assistant දියුණු කිරීම සඳහා Google සමාගම විටින් විට විවිධ features ඒ වෙත එක කරන බව ඔබ දන්නවා. සාමාන්‍යයෙන් ඔබේ දුරකථනය lock අවස්ථාවක Google assistant හෝ Gemini වෙත ලබාදෙන බොහෝ විධානයන් ක්‍රියාත්මක කරන්න නම් ඔබේ දුරකතනය unlock කල යුතු බව හැඟවෙන පණිවුඩයක් ඔබ වෙත ලැබෙනවා.
ඉතාම නුදුරු දිනයකදී ඔබට ඔබේ ජංගම දුරකථනය unlock නොකර ඇමතුම් ලබා ගන්න SMS යවන්න හැකි පහසුකමක් මේ වෙද්දී Google සමගම වෙතින් rollout කරගෙන යන බව 9to5google වාර්තා කරනවා.
මේ පහසුකම අත්විඳින්න නම් ඔබට settings වෙත ගොස් එය active කර ගැනීම කරන්නට සිදු වෙනවා.
Gemini Settings > Gemini on Lock Screen
‘Use Gemini without unlocking’ සහ ‘Make calls and send messages without unlocking.’ option දෙක enable කරගන්න ඔබට පුළුවන්.
ඒවගේම පසුගිය ඔක්තෝම්බරයේ අග සිට Google සමගම විසින් Gemini Extensions නිකුත් කරන්නට පටන් ගත්තා. මේ ඔස්සේ WhatsApp වැනි තුන්වන පාර්ශවීය apps එක්ක වුනත් ඔබට පහසුවෙන් ඔබේ හඬ භාවිත කරලා interract විධානයන් දෙන්න පුළුවන් කම ලැබෙනවා.
Make a call
- I need to talk to [contact name]. Can you call them on WhatsApp?
- Call [contact first name]’s [mobile, home, work] number with WhatsApp.
- @WhatsApp call [contact full name].
- Can you call [phone number] on WhatsApp?
Send a message
- Send a WhatsApp message to [contact name].
- Text [contact name] [message] on WhatsApp.
- Ask [contact name] [question] on WhatsApp.
දැනට මේ පහසුකම් ඔබට හිමි වන්නේ ඉංගිරිසි භාෂාවෙන් ඔබ ලබා දෙන විධානයන් ට පමණයි. ඔබ සතුව Google app 15.48 beta හෝ ඊට පසු පැමිණි version එකක් තිබේ නම් මේ features ඔබේ Gemini app එක ඇතුලේ දැකගන්න තිබෙනවා.
කොහොම නමුත් තවමත් මේ පහසුකම් rollout වෙමින් පවතින නිසාම settings ඔබට පෙන්නුවත් ඒවා දැන්ම නිසි අයුරින් ක්‍රියාත්මක නොවෙන්න ඉඩ තියෙන බව මතක තියා ගන්න.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5google වෙබ් අඩවිය සහ support.google.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.