Facebook Photos සහ videos, Google Photos වෙත transfer කිරීමේ tool එක සියළුම පරිශීලකයින් හට ලබාදීමට කටයුතු කරයි
පසුගිය මාසයේදී Facebook වල ඇති photos සහ videos, Google Photos සේවාව වෙත transfer කිරිමට හැකියාව ලබාදෙන tool එකක් හදුන්වා දෙන බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.
මේ tool එක මෙම වසරේ මුල් භාගය ඇතුලත සියළුම Facebook පරිශීලකයින් හට ලබාදීමට Facebook සමාගම සූදානමින් සිටින බව අපි පසුගිය ලිපියේ සඳහන් කළ අතර එම අවස්ථාව වන විට අප්රිකානු, ආසියානු, පැසිෆික් සහ ලතින් ඇමෙරිකානු රටවල් මෙන්ම, ඇමෙරිකාව සහ කැනඩාව වැනි තෝරාගත් රටවල් කිහිපයකට පමණක් මෙය ලබාදීමට කටයුතු කර තිබුණා.
කෙසේ වෙතත් මේ වන විට වාර්ථා වන අන්දමට, මෙම Tool එක ලොව පුරා සියලුම Facebook පරිශීලකයන් හට භාවිතා කිරීමේ හැකියාව ලබාදීමට Facebook සමාගම කටයුතු කර තිබෙනවා.
Today, we are reaching 100% rollout of our photo and video transfer tool that enables people to port their photos directly to Google Photos.
— Alexandru Voica (@alexvoica) June 4, 2020
With this rollout, the tool is now available globally to everyone on Facebook: https://t.co/1pck8PQoEe https://t.co/WBCeJGmMwp pic.twitter.com/IvHSgXNpbl
මෙම Tool එක භාවිතා කිරීම ඉතාමත් පහසු වන අතර ඔබ සිදු කළ යුතුව ඇත්තේ Facebook හි Settings වල ඇති “Your Facebook Information” tab එක හරහා ඔබගේ Facebook Account එක සහ Google Photos Account එක සම්බන්ධ කිරීම පමණක් වන අතර, ඒ හරහා ඔබගේ Facebook Photos, Google Photos වලට හුවමාරු කිරිමට කිරිමට හැකියාව ලැබෙනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා TechCrunch වෙබ් අඩවිය, Engadget වෙබ් අඩවිය සහ Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.