Facebook සේවාවන් වල ඇති වූ බිඳවැටීම පිළිසකර කරමින් පවතින බව Facebook සමාගම ප්‍රකාශ කරයි
Facebook සමාගම සතු Facebook, Messenger, WhatsApp සහ Instagram යන සේවාවන් වල බිඳවැටීම් තත්ත්වයක් ලොව පුරා පරිශීලකයන් රාශියක් විසින් වාර්ථා කර තිබුණා.
downdetector.com වෙබ් අඩවිය හරහා මෙන්ම Twitter හරහා ද මෙලෙස බිඳවැටීම් ගැන වාර්ථා වූ අතර මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් Facebook සමාගම ප්‍රකාශ කර සිටින්නේ, මෙම තත්ත්වය හැකි ඉක්මණින් නිරාකරණය කිරීමට මේ වන විටත් ඔවුන් කටයුතු කරමින් සිටින බවයි.
ඉහත සඳහන් කළ සියළුම platform භාවිතා කර images සහ videos හුවමාරු කරගැනීමේදී අදාල images හරි හැටි දිස් නොවන බව වැඩි වශයෙන් වාර්ථා වී ඇති අතර ඇතැම් ප්‍රදේශ වල සිටින්නන් හට WhatsApp හරහා messages යැවීමේදී ද ගැටළු මතු වී තිබෙනවා.
ඊයේ දිනයේ Cloudflare සේවාවේ ඇති වූ බිඳවැටීම පිළිබඳව අපි ඔබව දැනුවත් කළා මතක ඇති. එම බිඳවැටීම හෝ Cloudflare සේවාව මෙම Facebook සේවාවන් වල බිඳවැටීමට කිසිඳු සම්බන්ධයක් නොමැති බව විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා.
ඉහත ලිපිය Facebook හා වෙනත් මාර්ගයන් ඔස්සේ මෙම සිදුවීමට සම්බන්ධ කරමින් පැතිර යන ප්‍රවෘත්තිය සාවද්‍යය බවත්, ඒ සඳහා Techie Team එකේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවත් කරුණාවෙන් සළකන්න.
විශේෂයෙන්ම යුරෝපීය රටවල්, ඇමරිකාව, දකුණු ඇමෙරිකානු රටවල් සහ ජපානය යන රටවල් වලට මෙම තත්ත්වය තදින් බළපා ඇති නමුත් ඇතැම් පරිශීලකයන් හට කිසිඳු ගැටළුවකින් තොරව සේවාව භාවිතා කළ හැකි බව ද දැනගන්නට ලැබෙනවා.
මෙම platform කිහිපය ලොව පුරා පරිශීලකයින් බිලියන කිහිපයක් විසින් එදිනෙදා කටයුතු සඳහා මෙන්ම ව්‍යාපාරික කටයුතු සඳහා ද භාවිතා කරනු ලබන බැවින්, ඉතාමත් ඉක්මණින් මෙම තත්ත්වය මගහරවා ගැනීමට Facebook සමාගම කටයුතු කරනු ඇති බව විශ්වාස කෙරෙන අතර කුමණ හේතුවක් නිසා මෙම තත්ත්වය හටගත්තේද යන්න පිළිබඳව තවමත් Facebook සමාගම විසින් නිළ නිවේදනයක් නිකුත් කර නැහැ.
Update:
මෙම තත්ත්වය සම්පූර්ණ වශයෙන්ම නිරාකරණය කිරීමට Facebook සමාගම සමත් වූ බව මේ වන විට නිළ Twitter පණිවිඩයක් හරහා සනාථ කර තිබෙනවා.
Earlier today, some people and businesses experienced trouble uploading or sending images, videos and other files on our apps and platforms. The issue has since been resolved and we should be back at 100% for everyone. We're sorry for any inconvenience.
— Facebook (@facebook) July 4, 2019
We’re back! The issue has been resolved and we should be back at 100% for everyone. We're sorry for any inconvenience. pic.twitter.com/yKKtHfCYMA
— Instagram (@instagram) July 3, 2019
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, The Sun වෙබ් අඩවිය, Independent වෙබ් අඩවිය හා Metro වෙබ් අඩවිය භාවිතා කළ හැක.