WhatsApp, Instagram සහ Facebook හරහා මුදල් ගෙවීමට Facebook Pay නමින් අලුත් සේවාවක් හඳුන්වාදීමට සූදානම් වෙයි

Facebook සමාගම විසින් ඔවුන්ගේම Cryptocurrency එකක් හඳුන්වාදීමට සූදානම් වන බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Facebook සමාගමේ cryptocurrency එක Visa, Mastercard සහ Paypal වල සහාය ඇතිව ලබන සතියේදී එළිදක්වන ලකුණු
Facebook සමාගම විසින් ඔවුන්ගේම cryptocurrency එකක් එළිදැක්වීමට සූදානමින් සිටිනබව[https://technews.lk/facebook-reportedly-building-cryptocurrency-for-whatsapp-money-transfers/] පසුගිය වසරේ දෙසැම්බර් මස අපි ඔබව දැනුවත් කළා මතක ඇති. ඔන්න දැන් ලැබෙන තොරතුරු අනුව Visa [https://en.wikipedia.org/wiki/Visa_Inc.…

ඔන්න දැන්, Facebook සමාගම විසින් Google Pay, Apple Pay, PayPal වැනි සේවාවන්ට සමාන Facebook Pay නම් වූ අලුත් Payment system එකක් හඳුන්වාදීමට සූදානමින් සිටින බව වාර්ථා වෙනවා.

මේ පහසුකම හරහා Facebook Messenger, Instagram සහ WhatsApp හරහා පහසුවෙන් සහ ආරක්ෂිතව payment සිදු කිරීමේ හැකියාව ලබාදීමට බළාපොරොත්තු වන අතර, එක් වරක් Facebook වෙතට තම payment details ඇතුලත් කළ පසු, ලොව ජනප්‍රියතම සේවාවන් ගණනාවක් ඔස්සේ එය භාවිතා කිරීමේ හැකියාව ලැබෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

මූලිකව ඇමෙරිකා එක්සත් ජනපදය සඳහා මෙම සේවාව ලබාදීමේ කටයුතු ආරම්භ කිරීමට මොවුන් බළාපොරොත්තු වන අතර මෙම සතිය ඇතුලත in-game purchases, event tickets මිලදී ගැනීම, පුද්ගලයන් අතර මුදල් හුවමාරු කරගැනීම, Facebook Marketplace එක හරහා මිලදීගැනීම් සිදු කිරීමේ අවස්ථාව ලබාදීමට සූදානමින් සිටිනවා.

එමෙන්ම ඉතාමත් ඉක්මණින් මේ සේවාව තවත් රටවල් වලට ව්‍යාප්ත කිරීමට Facebook සමාගම බළාපොරොත්තු වන අතර Credit සහ Debit card සියල්ලම පාහේ එකතු කිරීමටත්, PayPal සඳහා සහාය දැක්වීමටත් මොවුන් කටයුතු කරනු ලබනවා.

මේ Facebook Pay සේවාව Facebook සමාගමේ cryptocurrency එක වන Calibra වලට කිසිසේත් සම්බන්ධ නොවන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය හා TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.