Facebook සහ Messenger වලට අලුතින් Care reaction එකක් හඳුන්වාදීමට Facebook ආයතනය සූදානම් වෙයි
Facebook සමාගම විසින් මිනිස්සුන්ට උදව් කිරීම නිරූපණය කිරීමට 'Care' reaction එකක් add කිරීමට මේ දිනවල කටයුතු කරමින් සිටිනවා.
Facebook සමාගම ප්‍රකාශ කරන්නේ මෙම heart එකක් hug කරගෙන සිටින මුහුණක් සහිත reaction එක මගින් මෙම වසංගත අවස්ථාවේ තම මිතුරන් හා පවුලේ අය සමග තමන් තවත් බැදී ඇති බව මිනිසුන්ට දැනීමට උපකාරී වනු ඇති බවයි.
මීට අමතරව Facebook messenger සේවාව සඳහා ද මේ 'care' reaction එක හදුන්වා දීමට Facebook සමාගම කටයුතු කරමින් සිටියි.
Messenger is rolling out a pulsating heart Reaction today so people can show extra love and care to their friends and family.
— Alexandru Voica (@alexvoica) April 17, 2020
To update the reaction, you can press and hold down the heart reaction to view the new one. To change it back, press and hold the new Reaction again. pic.twitter.com/PufyOsm7zU
මේ වන විටත් animate නොකරන ලද heart reaction එකක් messenger app එක සතුව තිබුනද සාමාන්‍යය heart reaction එක press කර hold down කිරීම හරහා මෙම නව reaction එකට මාරු වීමට හැකියාව ලැබෙනවා.
මෙම reaction එක ඉදිරි සති කිහිපය තුළදී ලොව පුරා සිටින Facebook සහ Messenger සේවාවන් භාවිතා කරන්නන් හට නිකුත් කිරීමට Facebook සමාගම කටයුතු කරමින් සිටිනවා.
මේ පිළබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.