භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස වෙනුවෙන් Meta සමාගම fact-checking අතහරි
Facebook, Instagram සහ WhatsApp යන සමාජ මාධ්‍ය ජාලවල මව් සමාගම වන Meta, සිය content moderation policies වල සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදු කරන බව Meta සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg වීඩියෝවක් සිය සමාජ ජාලා ගිණුම් වෙත පල කරමින් නිල වශයෙන් නිවේදනය කළා.
"More Speech and Fewer Mistakes" නමින් පළ කරන ලද තරමක් දීර්ඝ බ්ලොග් සටහනක් හරහා සමාගමේ නව Chief Global Affairs Officer ලෙස පත්වූ Joel Kaplan මෙම වෙනස්කම් පිළිබඳව හා එයට හේතුවූ කරුණු පිළිබඳව වැඩි විස්තර සඳහන් කර තිබෙනවා.
ප්‍රධාන වෙනස්කම් අතර, 2016 වසරේ සිට ක්‍රියාත්මක වූ third party fact-checking වැඩසටහන අවසන් කිරීමට ගත් තීරණය කාගේත් වැඩි අවධානය දිනා ගත්තා. ඒ වෙනුවට X.com වැනි වෙබ් අඩවි භාවිතා කරන Community Notes ක්‍රමවේදයක් හඳුන්වා දීමට Meta හි ඇති සුදානම ගැනත් විස්තර ඇතුලත් වුණා.
මෙම නව ක්‍රමය යටතේ, Meta සමාගමේ සමාජ ජාලා පරිශීලකයින්ටම ඔවුන් දකින post පිළිබඳව අදහස් දැක්වීමට, අතිරේක තොරතුරු එක් කිරීමට හා සාවද්‍ය තොරතුරු පිලිබඳ කරුණු දැනුවත් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
මීට අමතරව Meta විසින් සංක්රමණනික තත්ව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය වැනි මාතෘකා සාකච්ඡාව වෙනුවෙන් පැවති සීමා හා අවහිරතා විශාල ප්‍රමාණයක් ඉවත් කරනු ලබන බවත් ත්‍රස්තවාදය, ළමා අපචාර හා අපයෝජන, මත්ද්‍රව්‍ය, වංචා සහ රැවටීම් වැනි නීති විරෝධී හා බරපතල දේ සමාජ ජාලා ගතවීම වැලැක්වීම වෙත වැඩි අවධානයක් ලැබෙන පරිදි censorship automated systems යොමු කරවීමට සමාගම තීරණය කර තිබෙනවා .
political content සම්බන්ධයෙන් "පුද්ගලීකරණය (personalized ) වූ" ප්‍රවේශයක් අනුගමනය කිරීමට Meta සමාගම තීරණය කර තිබෙන අතර මෙමගින් පරිශීලකයින්ට තම රුචිකත්වයන්ට හා මතවාදයන්ට අනුකූල political content දැකගැනීමට වැඩි අවස්ථාවක් හිමිවේවි.
2024 දෙසැම්බර් මාසයේ දී දිනකට මිලියන ගණනක් content ඉවත් කිරීම් සිදු ව ඇති බවත් මේ ඉවත් කෙරෙන content දිනකට නිර්මාණය වන content වලින් 1% පමණ වුනත් ඉවත් කෙරෙන content 10කින් එකක් හෝ දෙකක් පමණ වැරදි තීරණ(සැබෑවටම Meta policies violate නොකරන ලද කන්ටෙන්ට්) විය හැකි බව සමාගම පවසනවා.
මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා appeal process එක වැඩිදියුණු කරන අතර, කන්ටෙන්ට් ඉවත් කිරීමට පෙර කන්ටෙන්ට් සමාලෝචනය කරන්නන් කිහිපදෙනෙකුගේ (multiple reviewers) තීරණය අවශ්‍ය වනු ඇත.
මීට අමතරව,සමාගමේ අදාළ policy නිර්මාණයට එක්වන trust and safety teams කැලිෆෝනියාවෙන් ටෙක්සාස් ප්‍රාන්තයට ගෙන යාමට සමගම ගත තීරණය පිළිබඳවත් මේ නිවේදනයන් වල සඳහන් වෙනවා. මෙම පියවර මගින් reviwing කණ්ඩායම්වල තමන්ගේ මතයන්ට පක්ෂපාත වීම (biases) අවම කිරීමට හැකි වනු ඇතැයි Meta විශ්වාස කරනවා.
මෙසේ සිදුවන සියලු වෙනස්කම් ප්රකාශනයේ හා භාෂණයේ නිදහස (Freedom of expression and speech) වැඩි කිරීමට ගත් උත්සාහයක් ලෙස ඔවුන් විසින් හඳුන්වා දුන්නත් මේ තීරණ මගින් සාවද්‍ය තොරතුරු පැතිරීම වැඩි වීමේ අවධානමක් පවතින බව මා ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ.
Meta සමාගමේ අධීක්ෂණ මණ්ඩලය (Oversight Board) එක මෙම වෙනස්කම් සඳහා එකඟවන බවත්, 2025 වසරේදී Free speech පිළිබඳ Meta හි ප්‍රවේශය හැඩගැස්වීමට සමාගම සමගකරන බව ප්‍රකාශ කල බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
“welcomes the news that Meta will revise its approach to fact-checking, with the goal of finding a scalable solution to enhance trust, free speech and user voice on its platforms.” The board added that it would work with Meta to shape its approach to “free speech in 2025.”
2025 දී Meta සමාගමේ වෙනස අපටත් බලපායි ද?
Meta සිදු කරන්න යන මේ වෙනස්කම් සම්බන්ධයෙන් දැනටම දැඩි විවේචන එල්ල වෙමින් පවතිනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාව, මියන්මාරය, ඉන්දියාව වැනි දකුණු ආසියානු කලාපීය රටවල සමාජ මාධ්‍ය භාවිතය කෙරෙහි සැලකිය බලපෑමක් මෙම වෙනස්කම් නිසා සිදුවිය හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙනවා.
සිංහල වැනි සුළු භාෂාවලින් පළවන content සඳහා AI/LLM (Artificial intelligence/Machine Learning) පාදක content moderation (නියාමනය) ප්‍රමාණවත් නොවිය හැකි බවත්, contextual interpretation (සන්දර්භානුගත අර්ථ නිරූපණය) අවශ්‍ය meme වැනි දේ නිසි ලෙස හඳුනා නොගැනීමේ අවදානමක් පවතින බවත් විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.
Meta සමාගම විසින් හඳුන්වා දෙන නව Community Notes පද්ධතිය යටතේ, පරිශීලකයන්ට යම් පළ කිරීමක් නොමඟ යවන සුළු එකක් දැයි තීරණය කර ඊට අදාළ පැහැදිලි කිරීම් එක් කිරීමේ හැකියාව පවතිනවා, කෙසේ වෙතත්, X.com හි මෙම පද්ධතියත් එතරම්ම සාර්ථක වී නොමැති බව විවේචකයෝ පෙන්වා දෙනවා.
political content සම්බන්ධයෙන් "පුද්ගලීකරණය වූ" ප්‍රවේශයක් අනුගමනය කිරීමට Meta තීරණය කර තිබීම පරිශීලක අවධානය යොමු විය යුතු කාරණාවක්. මේ ඔස්සේ සමාජ දේශපාලන කථීකාවත් වල ගුණාත්මකභාවය පිරිහීමට හේතුවක් වෙන්න පුළුවන් වගේම සමාජ ගැටුම් උග්‍ර වීමේ අවදානමක් ද පවතින බව විශ්ලේෂකයෝ අනතුරු අඟවනවා.
මීට අමතරව Meta සමාගමේ වෙතින් සිදු කරන මේ වෙනස්කම් Fact-Check Industry එක වෙතම එල්ල කල දැඩි පහරක් වන බව අමුතුවෙන් කියන්නම ඕනේ නැහැ. ඔවුන් සමග Fact-Check කිරීම වෙනුවෙන් සම්බන්ධව සිටි පාර්ශවකරුවන් මේ හදිසි දැනුම්දීම වෙත තමන්ගේ අප්‍රසාදය පල කර තිබුණා.
සමාජ මාධ්‍ය හා එහි පරිශීලකයන් අතර ඇති විශ්වසනීයත්වය පිළිබඳ ගැටලු මතු වෙන්න වගේම Meta platform එක මත හා ඔවුන් සමග ක්‍රියාත්මක වෙන පාර්ශ්වකරුවන් සමග ඇති සබඳතා ද මෙම තීරණය හේතුවෙන් වෙනස් වෙන්න පුළුවන්.
මේ තත්ත්වය යටතේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් තොරතුරුවල විශ්වසනීයත්වය තහවුරු කර ගැනීම සඳහා විශ්වසනීය මූලාශ්‍ර කිහිපයක් භාවිතා කිරීම අතිශය වැදගත් වෙනවා. පුරවැසියෙක්, සමාජ මාධ්‍ය පරිශීලකයෙක් ලෙස සමාජ මාධ්‍ය පිලිබඳ සාක්ෂරතාව වැඩිදියුණු කර ගැනීම ද අත්‍යවශ්‍ය කරුණක් බවත් මතක තියාගන්න.
මේ වෙනස්කම් දිගින් දිගටම පැවතුනොත් නිවරදි හා අපක්ෂපාති තොරතුරු සමාජ ගතකිරීම වෙනුවෙන් මාධ්‍ය ආයතන සහ සිවිල් සමාජ සංවිධාන වෙත ඉතා විශාල කාර්යභාරයන් පැවරෙන බව කියන්නම ඕනේ.
Content moderate කිරීම සඳහා විකල්ප ක්‍රමවේද සොයා බැලීම සහ සමාජීය පුරවැසියන් මේ ගැන දැනුවත් කිරීමඅතිශය වගේම සමාජ මාධ්‍ය නියාමනය පිළිබඳ නව ප්‍රවේශයක අවශ්‍යතාව ද නුදුරු අනාගතයේ මතුවීමට නියමිත බවයි මගේ මතය.
Find more statistics at Statista
තවදුරටත් Meta policy changes හුදෙක් යම් සමාගමක තාක්ෂණික ක්‍රියාපටිපාටියේ වගන්ති වෙනස්කිරීමක් විදිහට ඉවත දාන්න අපට බැහැ, Meta සමාජ ජලා භාවිත කරන බිලියන 4කට ආසන්න පරිශීලකයන් ප්රමාණයකගේ සමාජීය සහ දේශපාලනික හැසිරීම් වෙත බලපෑම් සිදුවෙන අතිශය තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් බවට මේ policy changes නුදුරේදීම පත්වෙන බව අනුමාන කරන්න පුළුවන්.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා techcrunch.com වෙබ් අඩවිය, about.fb.com වෙබ් අඩවිය සහ theverge.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.