Apple සමාගම විසින්ම නිපදවන 5G Modem එක 2025 වසරේ iPhone සමඟ එළිදැක්වීමට නියමිතයි
Apple සමාගම iPhone වෙත ඔවුන්ගේ ම 5G modem එකක් නිර්මාණය කරමින් සිටින බව බොහෝ කාලයක සිට තාක්ෂණික ලෝකයේ කතාබහට ලක්වුණ මාතෘකාවක්. බොහෝ විට iPhone SE 2025 දුරකථනය සමගම මේ නව 5G modem එක දැක ගැනීමට හැකිවේවි කියලා බොහෝ දෙනෙක් විශ්වාස කළා.
පසුගිය දිනක codenamed එක Sinope හැඳින්වෙන මේ 5G modem එක අපට 2025 වසරේ නිකුත්වීමට නියමිත iPhone SE දුරකථනය සමග එළිදැක්වීමට ඉඩ තිබෙන බව Bloomberg වෙබ් අඩවිය ලිපියක් පල කරමින් සඳහන් කරනවා.
මීට අමතරව මෙම මොඩමය ඇපල් සමාගමේ ලබන වසරේ නිකුත් වෙන lower-tier iPads හා mid-tier iPhone වෙත ද ඇතුලත් වෙනු ඇති ඔවුන් වාර්තා කරනවා. D23 යන codenamed එකෙන් පමණක් දැනට වාර්තා වෙන මේ දුරකථන බොහෝ විට iPhone 17 Air දුරකථනය විය හැකි බවයි Bloomberg සඳහන් කරන්නේ.
කොහොම වුනත්, මොඩමය මීට පෙර iPhone මාදිලි වෙත භාවිත කල Qualcomm මොඩමයන්ට වඩා තාක්ෂණික හැකියාවන් හා ක්රියාකාරීත්වයෙන් අඩු එකක් බව තමයි දැනගන්නට ලැබෙන්නේ.
එය T-Mobile, Verizon, සහ AT&T සමහර ප්රදේශ වල භාවිතා කරන වේගවත් නමුත් අසංස්ථිත mmWave 5G ප්රමිතියට සහය නොදක්වයි. අද වෙද්දී ඇමරිකාවේ භාවිත වන බොහොමයක් high end android devices, sub-6GHz 5G standard එක වෙත සහය දක්වනවා සේම mmWave වෙතත් සහය දක්වනවා. ඒවගේම තරමක් පැරණි ඇන්ඩ්රෝයිඩ් උපාංගත් mmWave වෙත සහය දක්වනවා.
මේ මොඩමය dealbreaker එකක් නම් වෙන එකක් නැති බව තමයි මගේ පෞද්ගලික අදහස. මොකද තාක්ෂණික පුවත් පල කරන androidauthority ඇතුළු වෙබ් අඩවි වලට අනුව ඇමරිකාවේ භාවිත වන මිලෙන් අඩු Android දුරකථන වල mmWave වෙත සහය දැක්වීම බොහෝ විට සිදු නොවන නිසා iPhone SE 2025 දුරකතනය වැනි mid-range උපාංග වෙත පමණක් දැනට මේ මොඩමය භාවිත වේවි.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Bloomberg වෙබ් අඩවිය සහ Androidauthority වෙබ් අඩවිය භාවිතා කළ හැක.