Apple සමාගම විසින් අප්‍රේල් 20 වෙනිදා ‘Spring Loaded’ event එක පැවැත්වීමට නියමිත බව තහවුරු කරයි

Apple සමාගම සාමාන්‍ය වර්ෂයකදී events තුනක් හෝ හතරක් පවත්වනු ලබන අතර මේ වනවිට, Apple සමාගම ඔවුන්ගේ මීළඟ event එක අප්‍රේල් 20 වන අඟහරුවාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 10:30 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම, 'Spring Loaded' event එක කලින් පටිගත කරන ලද event එකක් වන අතර එය Apple වෙබ් අඩවියේ සහ YouTube channel එකෙහි live-stream කිරීමට නියමිතව තිබෙනවා.

මෙම ‘Spring Loaded’ event එකේදී බොහෝ විට AirTags මෙන්ම, පසුගිය මාස කිහිපය පුරාවට නිළ නොවන මූලාශ්‍ර වලින් වාර්තා වූ mini-LED display එකක් සහිත අඟල් 12.9 ක ipad pro එක, අඟල් 11 ක iPad Mini model එක සහ නව AirPods 3 ඇතුළු products කිහිපයක් එළිදැක්වණු ඇතැයි අපේක්ෂා කළ හැකි වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Apple වෙබ් අඩවිය, 9to5mac වෙබ් අඩවිය සහ Macworld වෙබ් අඩවිය භාවිතා කළ හැක.