වෙළඳපොල වටිනාකම ඩොළර් ට්‍රිලියන 3 ඉක්මවූ ප්‍රථම publicly-traded company එක ලෙස Apple සමාගම ඉතිහාසයට එකතු වෙයි

ලොව වටිනාකමින් වැඩිම publicly-traded company එක ලෙස Apple සමාගම කිරුළු පැළඳි බව 2020 වර්ෂයේදී අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Saudi Aramco සමාගම අභිබවා ලොව වටිනාකමින් වැඩිම publicly-traded company එක ලෙසට Apple සමාගම පත් වෙයි
සෞදි අරාබියේ රජයට අයත් වන තෙල් අලෙවි කරනු ලබන සමාගමක් වන Saudi Aramco සමාගම අභිබවා ලොව වටිනාකමින් වැඩිම publicly-traded company එක Apple සමාගම පත්ව ඇති බව මේ වන විට වාර්ථා වෙ

ඒ වන විට Apple සමාගමේ වෙළඳපොල වටිනාකම පැවතියේ ඇමෙරිකානු ඩොළර් ට්‍රිලියන 1.84ක වන අතර, එයින් මාස 17කට පසු, එනම් මේ වන විට එක ඇමෙරිකානු ඩොළර් ටිලියන 3 සීමාව අබිභවා යෑමට සමත් වී තිබෙනවා.

මේ අනුව ඩොළර් ට්‍රිලියන 3ක වෙළඳපොල වටිනාකම් සීමාව පසු කළ පළමුවැනි publicly-traded company එක ලෙස Apple සමාගම ඉතිහාසගත වන අතර, Microsoft සමාගම ද මේ වන විට වෙළඳපොල වටිනාකම ඩොළර් ට්‍රිලියන 2.6ක සීමාවේ පසු වෙනවා.

කෙසේ නමුත් මෙම ඩොළර් ට්‍රිලියන 3ක වෙළඳපොල වටිනාකම යනු එම සමාගම සතුව ඩොළර් ට්‍රිලියන 3ක් මුදල් ලෙස හෝ assets ලෙස පැවතීම නොවන බව වටහාගත යුතු අතර, මෙය හුදෙක්ම සංකේතාත්මක වටිනාකමක් පමණි.

එමෙන්ම මේ ඩොළර් ට්‍රිලියන 3ක වටිනාකම කෙසේද යන්න සසඳා බැලුවහොත්, එක්සත් රාජධානිය, ඉන්දියාව, ප්‍රංශය, ඉතාලිය, කැනඩාව සහ දකුණු කොරියාව යන රටවල් වල දල දේශීය නිෂ්පාදනයට වඩා ඉහළ අගයක් වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Aljazeera වෙබ් අඩවිය සහ CNN වෙබ් අඩවිය භාවිතා කළ හැක.