Apple Silicon M1 chip එක මගින් බළගැන්වෙන MacBook Air පරිගණක මාදිලියක් එළිදැක්වීමට Apple සමාගම කටයුතු කරයි

Apple සමාගම විසින් ඔවුන්ගේ Apple Silicon processor family එකේ පළමුවැනි chip එක වන M1 chip එක එළිදැක්වීමට කටයුතු කළ බව සහ ඒ පිළිබඳව තොරතුරු මීට පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති.

Apple Silicon ‍family එකේ පළමු chipset එක වන M1 chip එක එළිදැක්වීමට Apple සමාගම කටයුතු කරයි
Apple සමාගම විසින් ඔවුන්ගේ One More Thing hardware event එක ඊයේ දිනයේ පැවැත්වීමටනියමිත වන බව අපි ඔබව මීට පෙර දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති. Apple සමාගම විසින් ඔවුන්ගේ “One More Thing” event එක නොවැම්බර් 10 වැනි දිනපවත්වන බව නිවේදනය කරයිApple සමාගම විසින් නොවැම්බර් මස 10 වෙනිදා ශ්‍රී ලංකාවෙලා…

ARM architecture එක මත නිර්මාණය කර ඇති මේ අලුත් M1 chip එක මගින් බළගැන්වෙන MacBoo Air, MacBook Pro මෙන්ම Mac mini පරිගණක මාදිලි කිහිපයක් ද One More Thing event එක අතරතුරදී එළිදැක්වීමට Apple සමාගම කටයුතු කරනු ලැබුවා.

2020 වර්ෂය සඳහා පසුගිය මාර්තු මාසයේදී හඳුන්වාදුන් MacBook Air පරිගණකයේ මිලටම, එනම් ‍ඩොළර් $999ක මිලටම වෙළඳපොලට නිකුත් කරනු ලබන මෙම MacBook එක මේ වන විට ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා order කිරීමේ හැකියාව පවතිනවා.

Buy 13-inch MacBook Air
Pay over time, interest-free for your MacBook Air with Apple Card Monthly Installments. Free delivery. Select a model or customize your own.

මෙහි base model එක cores 7කින් යුතු GPU එකකින් සහ 256GB storage එකකින් මෙන්ම 8GB RAM එකකින් සමන්විත වන අතර 8 core GPU එකකින් සහ 512GB storage එකකින් සමන්විත මාදිලිය ඩොළර් $1,249ක් ලෙස මිළ සටහන් වෙනවා.

‍M1 chip එක පිළිබඳව වන ලිපියෙහි සඳහන් කළ ආකාරයට මෙහි අන්තර්ගත වන CPU එක iPhone වල සහ iPad වල අන්තර්ගත වන processor එකට වඩා සමාන වන අතර, මේ හරහා MacBook Air එකේ battery power එක ඉතා විශාල ලෙස ඉතිරි කරගැනීමට පරිශීලකයින් හට හැකියාව ලැබෙනවා.

මේ අනුව වරක් charge කළ පසු පැරණි MacBook Air මාදිලියට වඩා අමතර පැය 6ක කාලයක්, එනම් සම්පූර්ණ වශයෙන් පැය 18ක කාලයක් මෙය භාවිතා කළ හැකි බව Apple සමාගම පෙන්වා දෙන අතර, මෙහි fan එකක් අනර්තගත නොවන නිසා භාවිතා කරන විට කිසිඳු ශබ්ධයක් නොනැගෙන බව ද ඔවුන් පෙන්වා දෙනවා.

විශේෂයෙන්ම පැය 15ක් දක්වා wireless web browsing සිදු කිරීමේ හැකියාවත්, පැය 18ක් දක්වා video නැරඹීමේ හැකියාවත් මෙම M1 chip එක මගින් බළගැන්වෙන MacBook පරිගණකය සතු වෙනවා.

මේ අලුත් chip එක හරහා ලැබෙන පහසුකමක් ලෙස, විශේෂයෙන්ම iPhone එකක් ආකාරයෙන්ම instant wake කිරීමේ හැකියාව ලැබෙන අතර, මේ හරහා laptop එක open කළ සැනින්ම එය on වී වැඩ කළ හැකි තත්ත්වයට එනු ලබනවා.

එමෙන්ම මෙහි අන්තර්ගත වන 8-core GPU එක හරහා පැරණි මාදිලියට වඩා 5 ගුණයකින් grpahic performance වැඩි වන අතර, Final Cut Pro වැනි මෘදුකාංග මෙන්ම games play කිරීමේදී ද මෙය වඩාත් වැදගත් වන බව Apple සමාගම පෙන්වා දෙනවා.

මීට අමතරව M1 chip එකෙහි අන්තර්ගත වන dedicated 16‑core Neural Engine එක නිසාවෙන් machine learning භාවිතා කරමින් සිදු කරනු ලබන කටයුතු 9 ගුණයක් වේගවත් ලෙස සිදු කරගැනීමට හැකියාව ඇති බවත්, photos retouch කිරීමේදී මෙන්ම audio filters භාවිතා කිරීම වැනි කටයුතු වලදී auto-detection වැනි පහසුකම වලට මෙය සෘජුවම බලපානු ඇති බව ඔවුන් සඳහන් කරනවා.

මේ අලුත් MacBook Air එකෙහි ඇතුලත් වන අඟල් 13.3ක Retina display එක 2,560 x 1,600 resolution එකකින් සමන්විත වන අතර මෙය P3 wide color gamut එකට සහාය දක්වන බැවින් සාමාන්‍යය sRGB color space එකට වඩා 25%කට වඩා වැඩි ප්‍රමාණයක colors මේ හරහා ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම මෙම MacBook Air එකේ ඇති display එකේ white point එක පරිශීලකයා සිටින වටපිටාවේ ඇති color temperature එකට ගැලපෙන අයුරින් ස්ව්‍යංක්‍රීයව හැඩගැසෙන බැවින් ඇසට ඉතාමත් පහසුවක් ගෙනදෙනු ඇති බව ද Apple සමාගම පෙන්වා දෙනවා.

මීට අමතරව Wi-Fi 6, Bluetooth 5.0, සහ Touch ID සඳහා ද මෙය සහාය දක්වන අතර DisplayPort, Thunderbolt 3, and USB 3.1 Gen 2 සඳහා සහාය දක්වන USB-C ports ද්විත්වයක් ද මෙයට අන්තර්ගත වෙනවා.

මේ සියල්ලම සහ තවත් පහසුකම ගණනාවකින් සමන්විත වන අලුත් MacBook Air එක M1 chip එක සඳහා විශේෂයෙන් නිර්මාණය කරනු ලැබූ macOS Big Sur මෙහෙයුම් පද්ධතිය සමඟින් iOS apps සෘජුවම පරිගණකයේ ධාවනය කිරීමේ හැකියාව ඇතුළු තවත් ආකර්ෂණිය පහසුකම් රැසකට හිමිකම් කියනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Apple Newsroom වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.