Thanksgiving Day එක සඳහා Zoom සේවාවේ free meetings සඳහා වන මිනිත්තු 40 ක සීමාව ඉවත් කිරීමට සුදානම් වෙයි
COVID-19 වෛරස තත්වය හේතුවෙන් මේ වන විට ලොව පුරා සිටින බොහෝ දෙනා තමන්ගේ අධ්‍යාපන වැඩකටයුතු සඳහා වගේම ව්‍යාපාර කටයුතු සඳහාද Zoom භාවිතා කිරීමට මේ වන විට හුරුවි සිටිනවා.
කොහොම නමුත් Zoom සේවාවේ free plan එක භාවිතා කරන්නන් හට තවමත් ඔවුන් සිදු කරනු ලබන Zoom meetings වල duration එක මිනිත්තු 40කට සීමා කර ඇති අතර මෙම කාළසීමාව Cisco Webx වල මිනිත්තු 50ක් ද, Google Meet වල මිනිත්තු 60ක් ද වෙනවා.
මේ වන විට ඔවුන්ගේ නිළ Twitter ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් Zoom ආයතනය ප්‍රකාශ කර සිටින්නේ නොවැම්බර් 27 වැනි දිනට යෙදෙන මීළඟ Thanksgiving day එක වෙනුවෙන් ලොව පුරා Zoom පරිශීලකයින් හට මෙම නොමිලයේ ලබාගන්නා ඇමතුම් වල ඇති මිනිත්තු 40ක සීමාව ඉවත් කිරීමට කටයුතු කරනු ලබන බවයි.
As a thank you to our customers, we will be lifting the 40-minute limit for all meetings globally from midnight ET on Nov. 26 through 6 a.m. ET on Nov. 27 so your family gatherings don't get cut short. ❤️🏡 #ZoomTogether pic.twitter.com/aubsH0tfxG
— Zoom (@zoom_us) November 10, 2020
මේ අනුව මීළඟ නොවැම්බර් මස 26 වැනි දින සිට 27 වැනි දින දක්වා කාලය තුළ ලබාගන්නා Zoom ඇමතුම් පෙර සඳහන් කළ මිනිත්තු 40ක සීමාවට යටත් නොවනු ඇති අතර, මේ හරහා ලොව පුරා සිටින මිතුරන් සහ පවුලේ හිතවතුන් සමඟින් බාධාවකින් තොරව සම්බන්ධවීමට Zoom පරිශීලකයින් හට අවස්ථාව ලැබෙනු ඇති බව Zoom ආයතනය අපේක්ෂා කරනු ලබනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.