YouTube Video සඳහා වන dislike count එක ඉවත් කිරීමට YouTube ආයතනය සූදානම් වෙයි
ඊළඟ වතාවේ ඔබ YouTube හී වීඩියෝවක් නරඹන විට YouTube platform එකෙහි design එක තරමක් වෙනස් විය හැකිය. එයට හේතුව මේ වන විට YouTube ආයතනය විසින් YouTube content create කරන්නන්ගේ feedbacks ලබාගෙන video වල public dislike count එක සැඟවිය හැකි නව design එකක් පරීක්ෂා කරණු ලැබීමයි.
වසර ගණනාවක් තිස්සේ YouTube ආයතනය විසින් content creator වරුන්ගේ video වල like සහ dislike count එක ප්රසිද්ධියේ display කර ඇති නමුත් නව design එකෙන් එය වෙනස් වනු ඇත්තේ community එකේ යහපැවැත්ම ආරක්ෂා කිරීමේ උත්සාහයක් වශයෙනි.
“Targeted dislike campaigns” සිදුවීමට ඇති හැකියාව මෙහිදී YouTube ආයතනය විසින් අවධානයට යොමු කර ඇති බවට වාර්ථා වි ඇති අතර මෙම අලුත් design එක මඟින් එවැනි ක්රියා වලින් YouTube content creator ලා හට සිදුවන අපහසුතාවයන් මඟහැරවීමට YouTube සමාගම කටයුතු කරනු ලබනවා.
Creators, you'll still be able to see the exact number of likes and dislikes in YouTube Studio. For viewers, if you're in the experiment, you can still like or dislike a video to share feedback with creators and help tune the recommendations you see on YouTube.
— YouTube (@YouTube) March 30, 2021
එහෙත් Video සඳහා කෙතරම් Likes ප්රමාණයක් ලැබී ඇද්ද යන්න ඉදිරියටත් publicly display කරන නමුත් කෙතරම් පිරිසක් Dislike කර ඇද්ද යන්න දැක ගැනීමට නොහැකි වන අතර මෙම නිසා Likes ප්රමාණය වැඩි වන බවට පරීශිලකයන් විසින් දුටු විට අනෙකුත් පරීශිලයන් විසින්ද එම video ව සඳහා Like button එක click කිරීමට පෙලඹවිය හැකි බවට ඔවුන් අදහස් දක්වානවා.
YouTube සමාගම විසින් ප්රකාශ කර සිටින්නේ ඔවුන් මේ සඳහා design කිහිපයක්ම පරීක්ෂා කර බැලීමට සූදානමින් සිටින බවයි. කෙසේ නමුත් තවමත් මෙය පරීක්ෂණ මට්ටමේ පවතින බැවින් කුමන ආකාරයේ design එකක් ඔවුන් විසින් නිළ වශයෙන් නිකුත් කිරීමට සැරසේද යන්න පිළිබඳව වාර්ථා වි නොමැති අතර ඒ පිළිබඳව නිළ පුවතක් වාර්ථා වූ සැනින් TechNews.LK අපි ඔබව දැනුවත් කිරීමට සුඳානමින් සිටිනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Tech Crunch වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.