මිට මසකට පමණ පෙර YouTube Music Mobile App එකෙහි තිබූ 'Hotlist’ tab එක වෙනුවට ‘Explore’ tab එක හඳුන්වා දීමට YouTube ආයතනය කටයුතු කරනු ලැබූ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

YouTube Music වල ඇති ‘Hotlist’ එක වෙනුවට ‘Explore’ tab එක හදුන්වා දීමට YouTube ආයතනය සූදානම් වෙයි
පසුගිය කාලයේදී YouTube සමාගම විසින් YouTube Android සහ iOS app වල වෙනස්කම් සිදුකරමින් trending tab එක වෙනුවට ‘Explore’ යනුවෙන් නව Tab එකක් හඳුන්වාදීමට කටයුතුකරනු ලැබුවා. Google rolls out the “Explore” tab in YouTube for Android and iOSGoogle isrolling out an update to the YouTube app on Android …

ඔන්න දැන්, මේ Explore tab එක YouTube Music Web app එකටද ලබාදීමට YouTube සමාගම කටයුතු කර තිබෙන බව වාර්ථා වෙනවා.

මෙම නව Explore tab එක සඳහා music.youtube.com/explore මගින් පහසුවෙන්ම ප්‍රවේශ විය හැකි අතර මෙහි YouTube Music Mobile app එකට සමාන පෙනුමක් ඇති explore tab එක, වෙබ් එකෙදී තවත් sub-sections දෙකකට බෙදා තිබෙනවා.

ඉහත දක්වා ඇති පින්තුරයේ පෙනෙන අන්දමට එම sub-sections දෙක 'New Releases' සහ 'Moods & Genres' ලෙස හඳුන්වන හැඳින්වෙනවා.

New Releases tab එකෙහි ඔබට නවතම ජනප්‍රිය albums, tracks සහ music videos දැක බලාගැනීමට හැකි වන අතර Moods & Genres tab එකෙහි ඔබ අදාල අවස්ථ‍ාවේ කරමින් සිටින කටයුත්තට, දැනෙන හැඟීමට අදාලව ගැලපෙනම music සොයා ගැනිමට හැකියාව ලබාදී තිබෙනවා.

මිට අමතරව New Releases section එක වඩාත් ආකර්ශනීය ලෙස සැකසීමට YouTube සමාගම කටයුතු කර ඇති බව පෙනෙන අතර එහි එම සතියේ දී නිකුත් කරන ලද ගීත එකතු කර, නව playlist එකක් සෑම සිකුරාදා දිනකම update වන ලෙස සකසා තිබෙනවා.

The new "Released" playlist.

මේ YouTube Music තවමත් ශ්‍රී ලංකාවට නිළ වශයෙන් සහාය නොදක්වන නමුත් මෙය භාවිතා කරනු ලබන විශාල පිරිසක් ශ්‍රී ලංකාවේද ද දැකගත හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android police වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.