Google Play Music වල ඇති ගීත YouTube Music වලට සෘජුවම transfer කිරීමේ හැකියාව ලබාදීම පිළිබඳව අප ඔබව මීට පෙර ලිපියකින් දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

Google Play Music වල ඇති ගීත YouTube Music වලට සෘජුවම Transfer කිරිමට හැකියාව ලබා දෙයි
Google Play Music service එක මේ වසර අවසානය වන විට නවතා දැමිමට සුදානම් වන බැවින්Google සමාගමේ අවධානය යොමු වී ඇත්තේ Google Play Music පරිශීලකයින් හට YouTubeMusic වෙත මාරු වීමේ හැකියාව පහසු කරවීම හරහා ඒ වෙත ආකර්ෂණය කර ගැනීමටයි. මේ අනුව Google Play Music වල ඔබගේ ඇති music library එක ඒ ආකාරයෙන්ම YouTu…

Google Play Music මඟින් YouTube Music වෙත ඔ‍බේ library, recommendations, playlists, likes සහ dislikes වැනි ‍බොහෙ‍ා්‍ දේ transfer කිරීම සඳහා හැකියාව පසුගිය මා‍සයේදී ලබා දුන් අතර මෙමගින් clicks කිහිපයකින් Google Play Music හි ඇති ඔබේ දත්ත YouTube Music පහසුවෙන්ම transfer කිරීමට හැකියාව ලැබුණා.

කොහොම නමුත් මේ tool එක භාවිතා කරමින් Google Play Music හි ඇති දත්ත YouTube Music වලට transfer කළ ඇතැම් පරිශීලකයින් හට මේ වන විට desktop සහ mobile device වලින් YouTube භාවිතා කරන විටදී YouTube side panel එක නොපෙන්වන ගැටළුවක් වාර්ථා වෙනවා.

ප්‍රධාන YouTube app එකේ සහ website එකේ side panel එක පිළිබඳව ගැටළු මතු වූ පළමු අවස්ථාව මෙය නොවන අතර කලින් අවස්ථා වලදී browser එකේ cache සහ cookies clear කිරීමෙන් හෝ app එක uninstall කිරීමෙන් පසු නැවත install ‍කිරීමෙන් එම ගැටළුව විසදෙන බවට YouTube සමාගම විසින් ප්‍රකාශ කර තිබෙනවා.

කොහොම නමුත් Google Play Music data transfer tool එක භාවිතා කිරීමෙන් පසුව මේ වන විට එම දෝශය නැවත පැමිණ ඇති බව බොහෝමයක් පරිශීලකයින් පෙන්වා දෙනවා.

මෙම ගැටළුවට මුහුණ දුන් ඇතැම් පරිශීලකයින් පවසන්නේ YouTube account එකෙන් logout වී නැවත log වූ විට තාවකාලිකව එම ගැටළුව විසදෙන බව වන නමුත් තවමත් YouTube ආයතනය විසින් මේ සඳහා නිළ ප්‍රතිචාරයක් දැක්වීමට කටයුතු කර නැහැ.

මේ ගැටළුව වෙනුවෙන් comment කරනු ලැබූවෙක් වන Joe Voisin විසින් පෙන්වා දෙන ආකාරයට YouTube Music වෙත upload කළ සියලුම media ඉවත් කිරීමෙන් සහ "Bands" සඳහා subscriptions ඉවත් කිරීමෙන් YouTube sidebar එක නැවතත් ලබාගැනීමට හැකියාව ලැබෙන නමුත් එය තරමක් කරදරකාරී solution එකක් වෙනවා.

මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Police වෙබ් අඩවිය, 9to5google වෙබ් අඩවිය සහ නිළ Google Support වෙබ් අඩවිය භාවිතා කළ හැකිය