Google Play Music සේවාව නවතා දැමිමෙන් පසුව YouTube Music සේවාව වෙත පරීශිලකයින් යොමු කරගැනීම සඳහා YouTube Music සේවාවට නව විශේෂාංග කිහිපයක්ම එකතු කිරීමට Google සමාගම විසින් කටයුතු කරනු ලැබූ අතර ශ්‍රී ලංකාව සඳහා මෙම සේවාව තවමත් නිල වශයෙන් ලබාදීමට කටයුතු කර නැහැ.

පසුගිය සති කිහිපය තුළ, Google සමාගම විසින් YouTube Music සේවාව නොමිලේ භාවිතා කරන්නන් සඳහා විශේෂාංග කිහිපයක්ම එළිදක්වා ඇති අතර එමඟින් ඔවුන්ට ඔවුන්ගේ වෙනත් devices වලට music cast කිරීමට, ඔවුන් විසින් upload කළ songs play කිරීමට සහ upload කළ songs සමඟ playlists download කිරීමට පහසුකම් සලසා දී තිබුණා.

තවද, YouTube Music සඳහා සතිපතා update වන personalized mix playlists හතරක් එකතු කිරීමටද Google සමාගම විසින් කටයුතු කළ අතර මේ පිළිබඳව සවිස්තරාත්මක විස්තරක් ‍අප විසින් මීට පෙර ලිපියකින් ඉදිරිපත් කරනු ලැබුවා.

YouTube Music සඳහා සතිපතා update වන personalized mix playlists හතරක් එකතු කිරීමට කටයුතු කරයි
පසුගිය සති කිහිපය පුරාවට YouTube සමාගම විසින් YouTube Music වෙත නව පහසුකම්කිහිපයක්ම හඳුන්වාඳීමට කටයුතු කළ අතර “Related tab[https://www.androidcentral.com/youtube-music-gets-ready-improve-music-discovery]” එක සහ අලුත් Explore tab එක[/youtube-musics-explore-tab-is-now-out-for-android-and-ios-users…

කෙසේ නමුත්, YouTube Music සේවාවෙහි තවමත් Play Music සේවාවෙහි තිබූ විශේෂාංග රාශියක් නොතිබුණද, Google සමාගම විසින් දැන් අවධානය යොමුකර ඇත්තේ ප්‍රතිවාදී Spotify සේවාවේ ඇති විශේෂාංග වෙත බවට වාර්තා වෙනවා.

“Year in Review” Playlist

9to5Google වෙබ් අඩවියේ මෑතකදී පළ වූ වාර්තාවකට අනුව, YouTube Music සඳහා ඉතාමත් ඉක්මනින් නව “Year in Review” playlist එකක් ඉදිරිපත් කරනු ඇති නමුත් දැනටමත් Spotify සහ Apple Music යන සේවාවන් ද්විත්වයම සෑම වසරකම අවසානයේදී මේ සමාන playlist එකක් ඉදිරිපත් කරන අතර එක් එක් පරිශීලකයාගේ listening habits මත පදනම්ව එම playlist සකස් වෙනවා.

එක් YouTube Music පරිශීලකයෙකුට දැනටමත් මෙම නව playlist එක ලැබී ඇති අතර, එය app එකෙහි home page එකෙහි ඉහළින්ම “My 2020 Year in Review” ලෙස දිස්වෙනවා.

කෙසේ වෙතත් Spotify මෙන් නොව, මෙම playlist එකෙහි කිසිඳු infographics හෝ data පිළිබඳව තොරතුරක් දක්නට නොලැබෙන අතර custom playlist එක share කරගැනීමට option එකක් ඇති බවක්ද දැකගැනීමට නොහැකි වෙනවා.

Sharing songs on Instagram and Snapchat stories

YouTube Music සේවාව සඳහා Spotify හි ඇති තවත් ජනප්‍රිය අංගයක් ලබාදීමට සූදානම් වන අතර එමඟින් පරිශීලකයින් හට Instagram සහ Snapchat stories ලෙස songs share කරගැනීමට අවස්ථාව ලැබෙනවා.

9to5google වෙබ් අඩවියේ හි පළ වු වාර්තාවකට අනුව, Google සමාගම විසින් මෙම විශේෂාංගය පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති අතර YouTube Music හි custom share හි දැනටමත් ඇතැම් පරිශීලකයින් සඳහා නව “Instagram stories” සහ “Snapchat stories” යන options පෙන්නුම් කරනවා.

කොහොම නමුත් මෙම විශේෂාංගය තවමත් නිවැරදිව ක්‍රියා නොකරන අතර, මෙම options වලින් එකක් හෝ tap කිරීම මඟින් YouTube Music app එක crash වන බව ද වාර්තා වෙනවා.

එමෙන්ම, ඉහත සඳහන් කළ නව විශේෂාංගයන් පිළිබඳව Google සමාගම විසින් තවමත් නිළ තොරතුරු ඉදිරිපත් කර නොමැත.

YouTube Music - Stream Songs & Music Videos - Apps on Google Play
YouTube Music is a new music app that allows you to easily find what you’re looking for and discover new music. Get playlists and recommendations served to you based on your context, tastes, and what’s trending around you. A new music streaming service from YouTube● This is a completely reimagined…
මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහ XDA-Developers වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කල හැක.