YouTube වල default video quality එක 720p (HD) සහ 1080p (Full HD) වල සිට 480p, එහෙමත් නැතිනම් standard difinition දක්වා අඩු කිරීමට YouTube ආයතනය කටයුතු කර ඇති අතර මූලිකව මෙය යුරෝපයීය රටවල් වලට පමණක් බළපැවැත්වුණා.

කොහොම නමුත් මේ වන විට  මෙය ලොව පුරා YouTube පරිශීලකයන් හට අදාල වන ලෙස මෙම setting එක සකසා ඇති නමුත්, ඔබට අවශ්‍යය නම් නැවතත් HD හෝ Full HD වලට මාරු විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

මීට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ මේ දින වල පැතීරී යන coronavirus වසංගතය හේතුවෙන් ලොව පුරා බොහෝ දෙනා නිවෙස් වලට වී සිටින බැවින් වැඩි වශයෙන් YouTube සේවාව භාවිතා කිරීමට පෙළඹෙන බවත්, අන්තර්ජාල භාවිතය ඉතාමත් වේගයෙන් ඉහළ යාම නිසාවෙන් network capacity එක පිළිබඳව ඇති විය හැකි ගැටළු මගහරවාගැනීමට‍ මෙම පියවර ගත් බවත් ය.

විශේෂයෙන්ම entertainment සඳහා මෙන්ම අධ්‍යාපනික කටයුතු සඳහා ද මේ දින වල අන්තර්ජාලය ප්‍රධාන වශයෙන් භාවිතා වනු ලබන නිසාවෙන් අනතර්ජාල සේවා සපයන්නන් හට ඇති වන බළපෑම මේ මගින් අඩු කෙරෙනු ඇති බව YouTube ආයතනය විශ්වාස කරනවා.

මීට අමතරව Netflix සහ Amazon Prime වැනි streaming සේවාවන් ද මීට සමාන ලෙස ඔවුන්ගේ video steaming සේවාවන් වල default quality එකද අඩු කිරීමට කටයුතු කර තිබෙන අතර එය යුරෝපයට පමණක් සීමා කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.