අදුරේදී අැසට අපහසුවක් නොදැනෙන Youtube Dark theme එක Android වලටත්

අවට වටපිටාව අඳුරු වෙලාවක එක දිගට YouTube භාවිතා කරලා තියනවා නම් ඒ වෙලාවට ඇස් දෙකට දැනෙන අපහසුතාවය ගැන ඔයාට අමුතුවෙන් කියන්න ඕන වෙන එකක් නැහැ.

ඉතින් අන්න ඒ ප්‍රශ්ණයට පිළියමක් විදිහට තමයි Google සමාගම විසින් පසුගිය මැයි මාසයේ YouTube එකට මේ Dark mode එක හඳුන්වා දෙන්න කටයුතු කරලා තියෙන්නේ. නමුත් මේ Dark mode පහසුකම මේ වෙනකන් YouTube වෙබ් අඩවිය හරහා පමණක් ලබාගතහැකි ලෙස තමයි ඉදිරිපත් කරලා තිබුණේ. ඒ වගේම iOS devices වලට අදාල YouTube App එකටත් මීට මාස 4කට පමණ පෙර මේ පහසුකම එකතු කරන්න Google සමාගම කටයුතු කර තිබුණා.

ඔන්න දැන් Android භාවිතා කරන්නන් හටත් මෙම පහසුකම නිකුත් කිරීමට Google සමාගම කටයුතු කරමින් සිටිනවා.

  • Android Device එකක Dark Mode ON කරන අාකාරය
    • Settings > General > Dark theme.
      (සමහර විටෙක ඔබට මෙයට අදාල update එක ලැබී නැතිනම් මෙම option එක ඔබට දැකගැනීමට නොහැකි වනු ඇත)
  • iOS devices එකක Dark Mode enable කරන ආකාරය
    • Settings > Dark theme

මෙහිදී සිදුවන්නේ ඔයාගේ මුලු Youtube App එකම අදුරු කිරීමක් හා අකුරු සුදු පැහැයෙන් පෙන්වීමක් පමණක් වුණත් මේ හරහා අපේ ඇස් වලට ඇති වන බලපෑම නම් විශේෂයි. මෙමගින් ඇස් වලට පහසුවක් ගෙන ඒමට අමතරව ඔයාගේ Display එක AMOLED display එකක් නම් මෙයින් battery power එක ඉතුරු වීමක් ද සිදුවන අතර, අඳුරු පැහැති පසුබිමක් පවතින විට නරඹන video එකට තවත් cinematic ගතියක් ද එකතු වෙනවා.

කොහොම වුණත් Google සමාගම විසින් ඔවුන්ගේ app updates නිකුත් කරන්නේ batch processing ආකාරයට නිසාවෙන් මම කලින් සඳහන් කළ විදිහට, සමහර විට ඔයාට මේ update එක තවමත් ලැබී නොතිබෙන්නට පුළුවන්. නමුත් අනිවාර්යයෙන්ම ඉදිරි සති කිහිපය ඇතුලත මෙම පහසුකම ඔබට ලැබේවි.