Xiaomi සමාගම විසින් හඳුන්වා දෙන Mi Band series එක සාධාරණ මිලකට මිලදී ගත හැකි වටිනා features රැසකින් සමන්විත fitness tracker series එකක් ලෙස ‍මේ වන විට ඉතාමත් ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.

පසුගිය වසරේ ජුනි මස 11 වන දින Xiaomi Mi Band 4 චීන‍යේදී නිකුත් කළ අතර Mi Band 4 එක හඳුන්වා දී හරියටම වසරකට පමණ පසුව, මේ වන විට Mi Band 5 එක චීන‍යේදී එළිදැක්වීමට Xiaomi සමාගම කටයුතු කර ඇති අතර ජුනි 18 වනදා සිට චීන‍යේදී මෙය මිලදී ගැනීමට අවස්ථාව ලබා දී ති‍බෙනවා.

මේ ආකාරයෙන් ජුනි 18 වැනි දින අලෙවි කිරීම ආරම්භ කරනු ලැබූ Mi Band 5 සංස්කරණයේ වෙළඳපොලට නිකුත් කළ සියළුම units එම දිනයේදීම අලෙවි වී අවසන් වී ඇති බව මේ වන විට වාර්ථා වෙනවා.

මේ අනුව මීළඟට නැවතත් මෙය මිලදීගැනීමට හැකියාව ලැබෙන්නේ ලබන ජුනි 30 වැනි දින සිට වන නමුත් මෙය තවමත් ගෝලීය වශයෙන් නිකුත් කිරීමක්, එහෙමත් නැතිනම් global release එක සිදු කිරීමට Xiaomi සමාගම කටයුතු කර නැහැ.

කෙසේ වෙතත්, Xiaomi සමාගම විසින් ඔවුන්ගේ Twitter account එක මඟින් tweet පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ Mi Band 5 එක ලබන මාසයේ සිට අනෙකුත් රටවල් සඳහා ද නිකුත් කරන බවයි.

මෙහි මිල පිළිබඳව අවධානය යොමු කිරීමේදී මෙතෙක් මිල නියම කර ඇත්තේ චීනය සඳහා පමණක් වන අතර එහිදී,

  • NFC සඳහා සහය නොදක්වන මාදිලිය චීන යුවාන් 189ක් ($25) වැනි මුදලකටත්,
  • NFC සඳහා සහය දක්වන මාදිලිය චීන යුවාන් 229ක් ($30) වැනි මුදලකටත්,

චීන‍යේදී මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා.

Xiaomi Mi Band 5 හි design එක සහ screen එක පිළිබඳව

Xiaomi Mi Band 5 සඳහා ද Mi Band 4 වලට සමාන design එකක් ඇති අතර දිගටි හැඩයක් සහිත tracker එකක් සහ වර්ණවත් strap එකකින් ද සමන්විත වෙනවා.

කෙසේ වෙතත් පරිශීලකයින්ගේ වැඩි අවධානයක් දිනා ගත්තේ මෙහි ඇති විශාල display එක වන අතර Mi Band 5 හි අඟල් 1.1 ක AMOLED display එකක් අන්තර්ගත වන අතර මෙය පසුගිය වසරේදී නිකුත් වූ Mi Band 4 එකට වඩා 20% ක් display එක විශාල කිරීමට Xiaomi සමාගම කටයුතු කර ඇති බවට පෙනී යනවා.

Image credit: Xiaomi

මේ සමඟ Mi Band 5 හි සියයකට අධික animated watchfaces ප්‍රමාණයක් දැක ගැනීමට හැකියාව ඇති අතර එම watchfaces අතර Neon Genesis Evangelion, Case Closed, Hatsune Miku සහ SpongeBob SquarePants වැනි series වල ජනප්‍රිය animated චරිතද දැක ගැනීමට හැකියාව ලැබෙනවා.

animated watchfaces
Xiaomi Mi Band 5 හි battery එක සහ specs පිළිබඳව

Xiaomi Mi Band 5 සඳහා 125mAh බැටරියක් ඇති අතර එමඟින් එක charge කිරීමකින් device එක දින 14 ක් දක්වා භාවිතා කළ හැකි බවත් මෙය සම්පූර්ණයෙන් charge වීම සඳහා පැය දෙකක් පමණ ගතවන වෙන බවත් Xiaomi සමාගම විසින් සදහන් කරනවා.

මිට අමතරව මෙහි charge කරන ක්‍රමයද වෙනස් කර ඇති අතර කලින් පැවති charging cradle එක වෙනුවට magnetic dock හඳුන්වාදීමට Xiaomi විසින් කටයුතු කර ඇති අතර මේ නිසා ඔබට Mi Band 5 එක charge කිරීම සඳහා tracker එක strap එකෙන් ඉවතට ගත යුතු නැත.

Specs වෙත අවධානය යොමු කිරීමේදී, Mi Band 5 සඳහා Mi Band 4 හි chipset එකට වඩා වේගවත් chipset එකක් ඇති අතර NFC, 16MB storage, Bluetooth v5 BLE සහ 512KB RAM එකකින් ද සමන්විත වෙනවා.

මෙහි ඇති sensors ලෙස PPG Heart rate sensor, IR detection, 3-axis accelerometer, 3-axis gyroscope, barometer සහ proximity sensor ආදියෙන් සමන්විත වෙනවා.

කෙසේ වෙතත් මෙම Mi Band 5 එක තුළ GPS sensor එකක් බලා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

Xiaomi Mi Band 5 හි ඇති features පිළිබඳව

Xiaomi Mi Band 5 හි smart features කිහිපයක් තිබුණද, මෙය නිපදවිමේ වැඩි අවධානයක් යොමුව ඇත්තේ fitness සඳහා වන අතර මෙය ජලයට ඔරොත්තු දෙන බැවින් මිටර් 50 ක් දක්වා ගැඹුරක මිනිත්තු 30 කට වැඩි කාලයක් දක්වා Mi Band 5 එක භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා.

මෙයට sport-tracking modes 11 ක් පමණ ලබා දී ඇති අතර heart rate monitor පහසුකම ද මෙහි අන්තර්ගත වෙනවා.

Image credit: Xiaomi

Mi Band 5 හි sleep tracking ද පහසුකම ද අන්තර්ගතවන අතර එමඟින් ඔබ REM sleep එකෙහි කොපමණ කාලයක් ගත කරනවාද යන්න මෙන්ම light sleep සහ deep sleep එකෙහි කොපමණ කාලයක් ගත කරනවාද යන්න මෙමගින් බලා ගැනීමට හැකියාව ලබා දී තිබෙනවා.

තවද, step tracker, breathing exercises, menstrual cycle tracking වැනි options ද PAI score ලබාදීම ද සිඳු කරනවා.

Fitness features වලට අමතරව contactless payments සඳහා NFC සමඟ ඇති model එක සහාය දක්වනවා.

මේ සියලු පහසුකම් වලට අමතරව Xiaomi Mi Band 5 එක ඔබගේ දුරකථනයත් සමඟ සම්බන්ධ කිරීමේ හැකියාව ද ඇති බැවින් ඔබට notification alerts ලබා ගැනීමටද හැකියාව ලැබෙන අතර ඔබේ smartphone එක සඳහා remote camera shutter එකක් ලෙස ද Mi Band 5 භාවිතා කළ හැකියාව ලැබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා PhoneArena වෙබ් අඩවිය සහ XDA -Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක