Samsung සමාගම වර්තමානයේ foldable devices සම්බන්ධයෙන් බොහෝ ඉදිරියෙන් සිටින අතර බොහෝ බාධක මධ්‍යයේ සිය පළමු නම්‍යශීලී device එක ලෙස Galaxy Fold නිකුත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

නමුත් මෙය මිලදී ගත් සමහරුන් නොදැනුවත්කම නිසා එහි තිබූ Dynamic AMOLED තිරයේ ආරක්ෂාව සඳහා යොදා ගනු ලැබුණු plastic ආවරණය ගලවා ඉවත් කිරීමට කටයුතු කර තිබූ අතර මේ නිසා samsung සමාගමට ඒ සම්බන්ධයෙන් විශේෂ උපදෙස් ලැයිස්තුවක් නිකුත් කරන්නට ද සිදු වුණු බව අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති.

Samsung සමාගමේ Galaxy Fold දුරකථනය තවමත් සාර්ථක මට්ටමේ නොමැති බව පෙන්වා දෙයි
Samsung සමාගම විසින් ඔවුන්ගේ ප්‍රථම Foldable, එහෙමත් නැතිනම් නම්‍යශීලී displayඑකක් සහිත ජංගම දුරකථනය පසුගිය Samsung Unpacked 2019 Event එක අතරතුරදීඑළිදැක්වීමට කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති. Galaxy Fold එකේ සිට Galaxy Buds දක්වා Samsung Unpacked 2019 Event එකේ වැදගත්එළිදැක්වීම් ගැනඊයේ …

ඉන් පසුව ඔවුන් විසින් වඩා ආරක්ෂාකාරී UTG (Ultra Thin Glass) ආරක්ෂණ තාක්ෂණය ඔස්සේ Galaxy Z Flip ජංගම දුරකථනය නිෂ්පාදනය කර, පසුගිය පෙබරවාරි මාසයේදී එළිදැක්වීමට කටයුතු කළ අතර ඔවුන් සූදානම් වන්නේ එළඹෙන අගොස්තුවේදී නිකුත් කිරීමට නියමිත Galaxy Fold 2 හා Z Flip 5G ජංගම දුරකථන සඳහා ද UTG තිරයක් ඇතුලත් කිරීමටයි.

මේ වන තෙක් මේ UTG තාක්ෂණය භාවිතා කරමින් devices එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවේ Samsung සමාගම පමණක් වන නමුත් මේ වන විට Huawei සමාගම සහ Xiaomi සමාගම ද ඔවුන්ගේ devices සඳහා මෙම තාක්ෂණය භාවිතා කිරීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්ථා වෙනවා.

Huawei සමාගමද මේ වන විට නම්‍යශීලී device එකක් ලෙස Huawei Mate X හා Mate Xs නිකුත් කර ඇති අතර Xiaomi සමාගම මේ වන තෙක් කිසිදු Folding උපාංගයක් නිකුත් කර නොමැති නමුත් ඔවුන් විසින් Surround තිරයක් සහිත Mi Mix Alpha සීමාසහිත Units ප්‍රමාණයක් පමණක් නිකුත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

180% ක Display to Body ratio එකක් සහ 108MP Camera එකක් සහිත Mi Mix Alpha ජංගම දුරකථනය එළිදක්වයි
Xiaomi සමාගමේ Xiaomi Mi Mix දුරකතන පෙළ ඔවුන් සතු සුවිශේෂී දුරකතන පෙළක් වන්නේ සෑමඅවස්ථාවකදීම ඒ සඳහා භාවිතා කරන්නා වූ පෙරලිකාර තාක්ෂණයන් සමඟයි. මෙම මස 24 වැනි දින නිකුත් වූ Mi Mix Alpha ජංගම දුරකථනය[https://www.mi.com/global/mi-mix-alpha] ද ඉතා සුවිශේශී උපාංගයක් වූ අතර දුරකතනයවටා එතී ඇති අලංකාර ත…

Digital Chat Station නමින් ප්‍රසිද්ධියට පත්ව සිටින Tipster කෙනෙකු විසින් Weibo වෙබ් අඩවිය හරහා හෙළිදරව් කර ඇති තොරතුරක් පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී ඇති අතර ඒ අනුව Huawei සහ Xiaomi යන සමාගම් තමන්ගේ අනාගත foldable හෝ surround තිර සහිත උපාංග සදහා UTG තිර භාවිත කිරීමට සූදානම් වන බව ඔහු ප්‍රකාශ කර සිටිනවා.

මේ අනුව Huawei සමාගම මීළඟ Mate series එක සඳහා හා Xiaomi සමාගම මීළඟ Mi Mix හෝ සමහරවිට ඔවුන්ගේ folding උපාංගයක් සඳහා UTG තිර භාවිතා කිරීමට වැඩි ඉඩක් පවතිනවා.

මේ UTG, එහෙමත් නැතිනම් ultra-thin glass යනු Glass Polymer භාවිතා කරමින් නිපදවා ඇති display ආරක්ෂණ තිරයක් වන අතර එය සීරීම් හා අපද්‍රව්‍ය වලින් නම්‍යශීලී තිර ආරක්ෂා කිරීම සඳහා යොදාගනු ලැබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය, Gizchina වෙබ් අඩවිය සහ Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.