Microsoft සමාගමේ Xbox gaming console වල අලුත්ම series එක වන Xbox Series X එක එහි graphic හැකියාව නිසාවෙන් පසුගිය දින වල ලොව පුරා gamers ලා අතර ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූවා මතක ඇති.

කොහොම නමුත් මේ වන විට AMD සමාගම විසින් ඔවුන්ගේ දැනට නිෂ්පාදනය කරනු ලබන සහ අනාගතයේදී වෙළඳපොලට හඳුන්වාදීමට නියමිත GPU වලට අදාල වන source code හැකර්වරයෙකු විසින් සොරකම් කර ඇති බවත්, ඒවා අන්තර්ජාලයට එකතු කිරීමට කටයුතු කර ඇති බවත් ප්‍රකාශ කරනවා.

මේ source code එක AMD Navi 10, Navi 21 සහ Arden යන GPU වලට අදාල වන අතර මේ Arden GPU එක හරහා Microsoft Xbox Series X එක බළගැන්වෙන බව විශ්වාස කෙරෙනවා.

මේ source code එක Microsoft සමාගමට අයත් GitHub එක හරහා අන්තර්ජාලයට එකතු කිරීමට කටයුතු කර තිබී ඇති අතර මේ වන විට AMD සමාගමේ ඉල්ලීම හමුවේ මීට අදාල repository එක ඉවත් කිරීමට Microsoft සමාගම කටයුතු කර තිබෙනවා.

මෙම තොරතුරු සොරකම් කරනු ලැබූ හැකර්වරයා TorrentFreak වෙබ් අඩවිය සමඟින් පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත්තේ අදාල තොරතුරු කිසියම් පාර්ශවයකට අලෙවි කිරීමට නොහැකි වුවහොත් මීට අදාල සියළුම files අන්තර්ජාලයට එකතු කිරීමට කටයුතු කරනු ලබන බවයි.

කොහොම නමුත් AMD සමාගම ප්‍රකාශ කරන්නේ අදාල පුද්ගලයා සතුව ඇති තොරතුරු AMD නිෂ්පාදන වල ආරක්ෂාවට හෝ තරඟකාරීත්වයට බළපෑමක් ඇති නොකරන බවත්, මීට අදාලව වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතියේ සහාය භාවිතා කරනු ලබන බවත් ය.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා TorrentFreak වෙබ් අඩවිය භාවිතා කළ හැක.