Microsoft සමාගම විසින් නව Windows 10 Insider Preview build 20161 සංස්කරණය dev channel එක වෙතට release කිරිමට කටයුතු කර ඇති බව ඔවුන්ගේ නිළ blog අඩවිය හරහා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

මෙම preview එක හරහා දෘශ්‍ය හා ක්‍රියාකාරී වෙනස්කම් කිහිපයක්ම ලබාදීමට කටයුතු කර ඇති අතර එමගින් Start Menu එකෙහි සහ notifications වල වැඩිදියුණු කිරීම්, Microsoft Edge සඳහා tab switching පහසුකමක් ලබාදීම, ඇතැම් bugs fix කිරීම සහ තවත් අලුත් පහසුකම් කිහිපයක්ම දැක ගැනීමට හැකියාව තිබෙනවා.

Microsoft සමාගම විසින් දැනට පවතින Start menu එකේ පෙනුම වෙනස් කිරීමට කටයුතු කර ඇති අතර logo වලට පසුපසින් පෙර පැවති solid color backplates ඉවත් කර tiles වලට ඒකාකාර transparent background එකක් ලබාදීමටකටයුතු කර තිබෙනවා.

Theme-aware tiles in Start

මීළඟ ප්‍රධානතම වෙනස්කම වන්නේ open කරගෙන ඇති Edge tabs අතර මාරු වීම සඳහා Alt + TAB shortcut එක භාවිතා කිරිමට හැකියාව ලබාදීම වන අතර පෙර පැවති ආකාරයටම active apps අතර මාරුවීම සඳහා ද මෙම shortcut එක භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.

Edge browser එකෙහි මෙම shortcut එකෙන් tabs අතර මාරුවීමට ඔබට Windows 10 Insider Preview build 20161එක සමග අලුත්ම Edge Canary හෝ Dev build (version 83.0.475.0 or higher) එක තිබීම අවශ්‍ය වෙනවා.

එමෙන්ම නව පරිශීලකයින් සඳහා personalized taskbar එකක් ලබාදීමට කටයුතු කර ඇති අතර පළමු boot එකෙහි සිට taskbar එකෙහි ඇති standard taskbar layout එක වෙනුවට පිළිවෙලින්, සම්බන්ධිත Android උපාංග හෝ Windows ගිණුම් සඳහා Your Phone හෝ Xbox apps වැනි shortcuts එකතු කරයි.

කොහොම නමුත් මෙම personalized taskbar එක ලබා ගත හැක්කේ අලුතින් set up කල devices සඳහා පමණක් වන බව ඔවුන් පෙන්වා දෙනවා.

A more personalized Taskbar for new users

Windows 10 Insider Preview build 20161 සංස්කරණය හරහා notification alerts හැසිරවීම වැඩි දියුණු කර ඇති අතර මෙහිදී ලැබෙන toast message එකෙහි එකතු කර ඇති app logo එක සමඟින් message එක send කර ඇත්තේ කුමන app එක මඟින් ද යන්න ඉක්මනින් හඳුනා ගැනීමට උපකාරී වෙනවා.

Improving the notification experience

Control Panel එකෙහි තොරතුරු ඇතුළුව settings වල නව වෙනස්කම් Settings app එකෙහි About page එකට එකතු කර ඇති අතර ඊට පහළින් ඇති Copy button එක click කිරීමෙන් ඔබට දැන් device එකෙහි specifications පහසුවෙන් copy කරගැනීමේ හැකියාව ලැබෙනවා.

Making Settings even better

2-in-1 PCs භාවිතා කරන පරිශීලකයින් සඳහා PC mode එකේ සිට tablet mode එකට switch වීමට අවශ්‍ය දැයි විමසන toast notification එකක් තවදුරටත් දිස්නොවනු ඇති අතර ඒ වෙනුවට එය ස්වයංක්‍රීයව tablet mode එකට මාරු වනු ඇති. එමෙන්ම non-touch devices වලින් quick actions grid වල ඇති tablet mode අංගය ද ඉවත් කිරීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

මීට අමතරව Windows Calculator එකෙහි graphing mode එක public roll out කිරීම සහ තවත් fixes කිහිපයක් මෙම Preview build එක හරහා ලබාදී ඇති අතර ඒ පිළිබදව වැඩිදුර තොරතුරු Windows නිළ blog අඩවිය හරහා ලබා ගැනීමට හැකියාව ඇත.

Announcing Windows 10 Insider Preview Build 20161 | Windows Experience Blog
Hello Windows Insiders, today we’re releasing Windows 10 Insider Preview Build 20161 to Windows Insiders in the Dev Channel. A few quick notes: First—as a reminder, these builds are from our Active Development Branch and are not tied to any upcoming Windows 10 release. Insiders in the Dev Channel ar…

Microsoft සමාගම විසින් update කරන ලද Windows SDK එක සෑම නව Windows 10 Insider Preview build එකක් සමඟම dev channel එකට නිකුත් කරනු ඇති අතර නවතම SDK මෙම link එක මගින් ලබා ගත හැකිය. එපමණක් නොව developer වරුන් හට Flight Hub එක හරහා අනෙකුත් පැරණි SDK සඳහා access කිරීමේ හැකියාව ද ලබාගත හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය සහ නිළ Windows blog අඩවිය භාවිතා කළ හැක