Microsoft සමාගම විසින් නිකුත් පසුගිය මැයි මාසයේදී නිකුත් කළ Windows 10 - 2004 (2020 May) update එක පිළිබදව අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති.

Windows 10 2004 (May 2020) update එක සමඟින් එන නවතම පහසුකම් ගැන දැනගනිමු
Windows 10 2004 update හෝ Windows 10 May 2020 update ලෙස හදුන්වන මෙම update එකමූලිකව පසුගිය මැයි මස 27 වැනි දින නිකුත් කිරීමට Microsoft සමාගම කටයුතු කලත්, එහිවූ ගැටළු කිහිපයක් නිසා මෙය තාවකාලිකව නැවැත්වීමට ඔවුන් කටයුතු කරනු ලැබුවා. කොහොම නමුත් මේ වන විට එම තත්ත්වය මඟහරවා ගනිමින් මේ update එක නැවත…

Microsoft සමාගම විසින් ඉකුත් මැයි 28 වනදා සිට Windows 10 May 2020 update එක ලොව පුරා Windows 10 පරිශීලකයන් හට නිකුත් කරන ලද නමුත් එහි අන්තර්ගත වූ compatibility issues නිසා ඇතැම් පරිගණක සඳහා එය තාවකාලිකව සීමා කිරීමත් සමඟින් එම update එක ලබා ගත හැකි වූයේ ඉතාමත් සීමිත පිරිසකට පමණි.

එහිදී Microsoft විසින් ඒ වන විට හඳුනාගත් දෝශ සියල්ල එකට කැටි කරමින් ලේඛනයක් ද ඉදිරිපත් කරනු ලැබුවා.

Windows 10, version 2004 and Windows Server, version 2004 - Windows Release Information
View announcements and review known issues and fixes for Windows 10 version 2004 and Windows Server 2004

මේ වන විට ලොව දැවැන්ත පරිගණක නිෂ්පාදන ආයතන දෙකක් වන Dell සහ Lenovo සමාගම් ඔවුන් විසින් සාර්ථකව මෙම සංස්කරණය සඳහා පරික්ෂා කරනු ලැබූ පරිගණක ලැයිස්තුව ලේඛනයක් හරහා ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔබටත් ඔබ සතු Dell හෝ Lenovo පරිගණකය Windows 2004 සංස්කරණය සඳහා, හොඳින් සහය දක්වන්නේ ද නැද්ද යන්න දැනගැනීම සඳහා මෙම ලැයිස්තුව පරීක්ෂාකර බැලිය හැකියි.

Dell විසින් ඉදිරිපත් කළ ලේඛනයට අනුව පහත පරිගණක සඳහා නව Windows සංස්කරණය හොඳින් සහාය දක්වනු බලනවා.

Alienware Desktop, Alienware Notebook, Inspiron Desktop, Inspiron Notebook, XPS Desktop, XPS Notebook, Vostro Desktop, Vostro Notebook, Latitude Optiplex, Precision Workstation, Mobile Precision, and select Embedded Box PCs.

Dell සම්පූර්ණ පරිගණක ලැයිස්තුව මෙම link එක හරහා ඔබට Dell වෙබ් අඩවියෙන්ම බලා ගත හැක.


Lenovo සමාගම විසින් ඉදිරිපත් කළ ලේඛනයට අනුව පහත පරිගණක සඳහා නව Windows සංස්කරණය හොඳින් සහය දක්වනු ලබයි.

Lenovo has tested May 2020 Update with ThinkPad laptops, Lenovo Notebook/Ideapad, ThinkCentre+AIO, IdeaCentre+AIO, ThinkStation

Lenovo සම්පූර්ණ පරිගණක ලැයිස්තුව මේ link එක හරහා ඔබට Lenovo වෙබ් අඩවියෙන්ම බලා ගත හැක.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා BleepingComputer වෙබ් අඩවිය, නිළ Dell වෙබ් අඩවිය සහ නිළ Lenovo වෙබ් අඩවිය භාවිතා කළ හැක.