Disappearing Messages යනුවෙන් අලුත් පහසුකමක් WhatsApp වෙතට එකතු කිරීමට සූදානම් වන බව පසුගිය ඔක්තෝම්බර් මාසයේදී අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Disappearing Messages යනුවෙන් අලුත් පහසුකමක් WhatsApp වෙතට එකතු කිරීමට සූදානම් වන ලකුණු
යම්කිසි message එකක් send කිරීමෙන් පසුව ස්ව්‍යංක්‍රීයව delete වන පහසුකමක්WhatsApp පරිශීලකයන් හට ලබාදීමට සූදානම් වන බවත්, එම පහසුකම මේ වන විට අත්හදාබලමින්පවතින බවත් වාර්ථා වෙනවා. Wabetainfo වෙබ් අඩවිය විසින් මෙම පහසුකම පළමුවරට අනාවරණය කිරීමට කටයුතු කළ අතරWhatsApp වල beta v2.19.275 සංස්කරණයේ මෙම ප…

ඔන්න දැන්, මේ පහසුකම පිළිබඳව නිළ වශයෙන් නිවේදනයක් නිකුත් කිරීමට WhatsApp ආයතනය කටයුතු කර ඇති අතර, මෙම මස ඇතුලතදී සියළුම WhatsApp පරිශීලකයින් හට මෙය නිකුත් කිරීමට ද කටයුතු කරනු ලබන බව ප්‍රකාශ කර සිටිනවා.

කොහොම නමුත් මූලිකව අපගේ පළමු ලිපිය පළ කරන අවස්ථාවේදී වාර්තා වී තිබුණු ආකාරයට වඩා මදක් වෙනස් අයුරින් ක්‍රියාත්මක වන මෙම පහසුකම තත්ත්පර 5කින් හෝ පැයක කාලයකින් අදාල පණිවිඩය delete වන ලෙස සකස් කිරීමට හැකියාව ලබාදීම වෙනුවට, දින 7ක කාලසීමාවකින් ස්ව්‍යංක්‍රීයව delete වී යන ලෙස නිර්මාණය කර තිබෙනවා.

එමෙන්ම මේ අලුත් පහසුකම WhatsApp group වලට හෝ තනි තනි contact සඳහා වෙන වෙනම enable කළ යුතු වන බව ද ඔවුන් පෙන්වා දෙනවා.

මේ අනුව මෙම පහසුකම සක්‍රීය කළ විට අදාල පුද්ගලයාට හෝ group එකට send කරන photos සහ videos ඇතුළු සියළුම දේ දින 7කින් පසුව ස්ව්‍යංක්‍රීයව delete වී යන නමුත්, ඒවා expire වීමට ප්‍රථමව, ඒවායේ screenshots ලබාගැනීමට හෝ copy කරගැනීමට අනෙක් පාර්ශවයට හැකියාව තිබෙනවා.

මෙම පහසුකම සක්‍රීය කළ විට contact list එක තුළ අලුත් option එකක් ලෙස මෙය පෙන්වනු ලබන අතර, මෙය enable කිරීම හෝ disable කිරීම හරහා ඊට පෙර send කරන ලද අනෙකුත් messages වලට කිසිඳු බළපෑමක් සිදු නොවනු ඇති බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.

එමෙන්ම මේ අලුත් පහසුකම මෙම මාසය ඇතුලත ලොව පුරා සිටින සියළුම WhatsApp පරිශීලකයින් හට නිකුත් කිරීමට ද WhatsApp ආයතනය බළාපොරොත්තුවෙන් සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ WhatsApp වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.