WhatsApp සඳහා Edit Message විශේෂාංගය ලබා දීමේ සූදානමක්
සමාජ මාධ්‍ය භාවිතා කරන අප බොහෝ දෙනෙකුට එදිනෙදා ජීවිතයේදි යම් යම් අඩුපාඩු සිදුවනවා. එවිට Edit Option එක හරහා අප විසින් එම අඩුපාඩු නිවැරදි කිරීමට කටයුතු කරනු ලබනවා. ලෝකයේ බොහෝ දෙනා භාවිතා කරන Instant Messaging App එකක් වන WhatsApp සඳහා මෙම Edit Message විශේෂාංගය ලබා දීමේ සූදානමක් ඇති බව WABetaInfo වෙබ් අඩවිය වාර්ථා කර තිබුණා.
WhatsApp was planning to develop the ability to edit messages more than 5 years ago. Finally it is back 😅😍 https://t.co/WZLfdwrqNt
— WABetaInfo (@WABetaInfo) May 31, 2022
මීට අවුරුදු 5කට පමණ ඉහතදී මෙවැනි option එකක් WhatsApp ආයතනය විසින් අත්හදා බලමින් සිටින බව ඔවුන් සිය Twitter ගිණුම හරහා Twitter සටහනක් තබමින් පෙන්නුම් කර තිබුණත් ඒ පිළිබඳව නැවතත් වාර්ථා කර තිබුණේ මීට දින කිහිපයකට පෙරයි.
ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මෙම විශේෂාංගය Android Beta පරිශීලකයන් හට මුලින්ම ලැබීමට ඉඩ ප්‍රස්ථාව තිබෙන අතර ඉදිරියේදි ඒ පිළිබඳව වාර්ථා කිරීමට සූදානමින් සිටින බවයි.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා WABetaInfo වෙබ් අඩවිය සහ IndiaTvNews වෙබ් අඩවිය භාවිතා කළ හැක.