WhatsApp වලට Dark Mode එක හඳුන්වාදීමට සූදානම් වන බව පසුගිය 2018 වර්ෂයේදී අපි ඔබව දැනුවත් කලත්, මේ දක්වා එම පහසුකම නිළ වශයෙන් නිකුත් කිරීමට WhatsApp ආයතනය කටයුතු කර තිබුණේ නැහැ.

අඳුරේදී ඇසට අපහසුවක් නොදැනෙන Dark Mode එක Whatsapp වලටත් ලැබෙන ලකුණු
මෑත කාලීනව WhatsApp messaging platform එකට අළුත් features ගොඩක් එකතු වුණු බවඔයාලා දකින්න ඇති. නමුත් හැම කෙනෙක්ම ගොඩක් කැමති තවත් එක feature එකක් වෙන Dark Mode එක තවමත්WhatsApp වලට ලබා දී නැහැ. Dark mode කියන්නෙ මේ වෙනකොට අපි බහුලව භාවිතා කරන Youtube, Twitter වගේ අැප් වලඅඩංගු අදුරේදී ඉතා …

කොහොම නමුත් පසුගිය මාර්තු 3 වැනි දින මේ dark mode පහසුකම ලොව පුරා WhatsApp පරිශීලකයන් හට නිළ වශයෙන් නිකුත් කිරීමට WhatsApp ආයතනය කටයුතු කර තිබුණා.

ඔබ දැනටමත් iOS 13 හෝ Android 10 භාවිතා කරන්නේ නම් system theme එක අනුව මේ dark mode එක ස්ව්‍යංක්‍රීයව ක්‍රියාත්මක වනු ඇති නමුත් Android 9 භාවිතා කරන්නේ නම් Settings > Chats > Theme > select ‘Dark’ හරහා ගොස් dark theme එක activate කරගත යුතු වෙනවා.

කොහොම වුණත් iOS 13 හෝ ඊට පසුව නිකුත් කළ iOS සංස්කරණයක් භාවිතා නොකරන පරිශීලකයන් හට මේ Dark mode පහසුකම භාවිතා කිරීමේ හැකියාව නොලැබෙන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

WhatsApp Blog
We are very excited to update WhatsApp with the most requested feature from our users everywhere - dark mode.Dark mode for WhatsApp offers a fresh look on a familiar experience. It’s designed to reduce eye strain in low light environments.
Dark mode එක නිළ වශයෙන් එළිදැක්වීම පිළිබඳව වන Blog post එක

තවමත් ඔබට මේ dark mode option එක දැකගත නොහැකි නම් ඉක්මණින්ම Google Play හෝ AppStore එක හරහා අලුත්ම WhatsApp සංස්කරණයට update කරගැනීමට කටයුතු කිරීමෙන් මෙය ලබාගත හැකි වනු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ WhatsApp Blog එක, TechCrunch වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.