Animated stickers මේ වන විට Viber, Telegram සහ Gboard වැනි apps සඳහා දීර්ඝ කාලයක් තිස්සේ භාවිතා කිරීමේ අවස්ථාව ලබා දී ඇති නමුත් WhatsApp සේවාව සඳහා තවමත් ලබා දී ඇත්තේ static stickers පමණි.

කොහොම නමුත් මේ වනවිට WhatsApp ආයතනය විසින් WhatsApp සඳහා ද මේ animated stickers හඳුන්වා දීම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්ථා වෙනවා.

මෙම feature එක WhatsApp beta v2.20.194.7 සංස්කරණයෙහි දැක ගැනීමට හැකියාව ලැබී ඇති නමුත් පසුව එය v2.20.194.9 සංස්කරණයේ දී ඉවත් කර ඇති බව Android Police වෙබ් අඩවිය වාර්ථා කරනු ලබනවා.

View post on imgur.com

මේ animated stickers පහසුකම යම්කිසි conversation එකක් තුළ භාවිතා කරනු ලබන විට ඒවා එක් වරක් පමණක් animate වී නතර වන අතර නැවතත් play වීම සඳහා ඔබට conversation එක ඉහළට හෝ පහළට scroll කිරීමට සිදු වන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

View post on imgur.com

මෙම විශේෂාංගය නිසියාකාරව ක්‍රියාත්මක වන, එහෙමත් නැතිනම් සාමාන්‍යය පරිශීලකයින් හට ලබාදෙන කාලය වන විට එය වෙනස් කිරීමට කටයුතු කරනු ඇති බව හෝ messages කියවීමට උත්සාහ කරන විට තිරය මත ඕනෑවට වඩා චලනය වීම් සිදුවීම වළක්වා ගැනීම සඳහා මෙසේ නිර්මාණය කිරීමට ඔවුන් කටයුතු කළා විය හැකි බව ද අනුමාන කළ හැකි වෙනවා.

මේ වනවිට Playful Piyomaru, Rico's Sweet Life, Moody Foodies, Chummy Chum Chums සහ Bright Days ලෙස Animated sticker packs පහක් දැක ගැනීමට හැකියාව ලැබි ඇති නමුත් මේ සියල්ලම WhatsApp ආයතනය විසින් නිර්මාණය කළ sticker pack වන අතර මෙම ‍feature එක සහය දක්වන third-party sticker packs තවමත් දැක ගැනීමට හැකියාවක් ඇති බවක් වාර්ථා වන්නේ නැහැ.

ඔබට මෙම stickers පරීක්ෂා කිරීමට අවශ්‍ය නම් WhatsApp හි beta v2.20.194.7 එක APK Mirror වෙබ් අඩවිය හරහා download කර ගැනීමේ හැකියාව ඇති අතර මෙම පහසුකම ඉදිරියේදී stable version එකක් හරහා සියලුම WhatsApp පරිශීලකින් හට ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Police වෙබ් අඩවිය, 9to5google වෙබ් අඩවිය සහ WABetaInfo වෙබ් අඩවිය භාවිතා කළ හැක