Vivo සමාගම විසින් පිටුපස වර්ණය වෙනස් කළ හැකි තාක්ෂණයක් සමඟින් smartphone එකක් එළිදැක්වීමට සූදානම් වන ලකුණු
ජංගම දුරකථන වල සිදුවන නව්‍යකරණයන් පිළිබඳව නිරන්තරයෙන් අසන්නට ලැබෙන අතර ඒවායින් ඇතැම් ඒවා සැබෑ නිෂ්පාදන වලට ද ඇතුළත් වන මුත් ඇතැම් තාක්ෂණයන් patent බලපත්‍ර වලට පමණක් සීමා වීම සිදුවෙනවා.
මේ අතර දුරකථනයේ පිටුපස ආවරණයේ වර්ණය වෙනස් කල හැකි තාක්ෂණයක් පිළිබඳව ඇඟවෙන වීඩියෝවක් අන්තර්ජාලයට එකතු කරන්නට ice Universe ලෙස හැඳින්වෙන tech news leaker කෙනෙකු කටයුතු කර තිබෙනවා.
A mobile phone brand is developing a mobile phone with a discoloration rear case, which can adjust the speed of discoloration. Maybe the smart phone will only have one color in the future: discoloration pic.twitter.com/kSg5NSD0tL
— Ice universe (@UniverseIce) September 3, 2020
මෙම වීඩියෝ එකේ දැක්වෙන පරිදි දුරකථනයේ පිටුපස ආවරණයේ ඇති වර්ණය වෙනස් කිරීමට හැකියාව තිබෙන අතර මොවුන් පවසන්නේ මෙලෙස වර්ණය වෙනස් වන වේගය ද වෙනස් කිරීමට හැකියාව තිබෙන බවයි.
මෙහි demo video එකක් vivo සමාගමේ නිළ weibo ගිණුම හරහා නිකුත් කිරීමට කටයුතු කර ඇති අතර, මේ සඳහා පසුගිය ජනවාරි මාසයේදී OnePlus සමාගම විසින් CES 2020 event එක අතරතුරදී ප්‍රදර්ශනය කළ OnePlus Concept One ජංගම දුරකථනයේ ඇතුලත් වන electrochromatic තාක්ෂණය භාවිතා වෙනවා.
මෙහි camera module එක සැඟවීමට කටයුතු කර තිබුණත්, මෙය Vivo සමාගම විසින් නිකුත් කිරීමට නියමිත vivo S7 5G ජංගම දුරකථනයක් වනු ඇති බව GSM Arena වෙබ් අඩවිය පෙන්වා දෙනවා.
මෙහි භාවිතා වන electrochromatic තාක්ෂණය battery power එක ඉතාමත් අඩුවෙන් භාවිතා කරනු ලබන තාක්ෂණයක් වන බවත්, මේ සඳහා භාවිතා වන වීදුරු ස්භාවයෙන්ම transparent නිසාවෙන්, අවශ්‍යය නම් see-through පහසුකම වුවත් ලබාදිය හැකි බවද මොවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Beebom වෙබ් අඩවිය භාවිතා කළ හැක.