Vivo සමාගම විසින් දැනට සිය Android දුරකථන සඳහා භාවිතා කරන Android Skin එක වන FuntouchOS එක වෙනුවට OrginOS නම් වැඩිදියුණු කරන ලද Android Skin එකක් නැතිනම් User Interface එකක් හඳුන්වාදීමට සූදානම් වන බව මීට පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Funtouch OS හා JoviOS වෙනුවට Origin OS නමින් නවතම Android Interface එකක් හඳුන්වාදීමට Vivo සමාගම සූදානම් වෙයි
ඔබ දැනටමත් දන්නා පරිදි බොහෝ Android ජංගම දුරකථන නිෂ්පාදකයින් සාමාන්‍යය Androidoperating system එක මත ඔවුන්ගේ ම UI එකක් නිර්මාණය කරන අතර ඒ නිසාම Pure Androidවලට ආසන්න අත්දැකීමක් ලබාගන්නට නම් ඔබට අනිවාර්යෙන්ම Google Pixel දුරකථනයක් හෝAndroid One OS එක මගින් බළගැන්වෙන වෙනත් දුරකථනයක් හෝ මිලදී ගන්නට …

නමුත් මෙය අන්තර්ජාලයට පළ වූ නිළ නොවන පුවතක් ලෙස අපි ඔබට ගෙන ආ අතර ඒ පිළිබඳව Vivo සමාගම විසින් නිළ තහවුරු කිරීමක් ලැබී තිබුණේ නැහැ.

නමුත් දැන් වාර්තාවන නවතම තොරතුරුවලට අනුව Vivo සමාගම විසින් මේ පිළිබඳව තහවුරු කිරීමක් සිදු කර තිබෙන අතර එයට අනුව FuntouchOS නම් දැන් තිබෙන User Interface එක වෙනුවට මෙම නවතම OrginOS interface එක හඳුන්වාදීමට නියමිත වෙනවා.

Vivo සමාගම විසින් VDC නැතිනම් ඔවුන්ගේ Vivo Developer Conference එක නිවේදනය කිරීමට කටයුතු කළ අතර ඒ අනුව මෙම VDC Event එක එළඹෙන නොවැම්බර් 19 වන දා පැවැත්වීමට නියමිත වෙනවා.

"Native Everything" යන සංකල්පය ඔස්සේ මෙවර පැවැත්වෙන මෙම VDC event එක apps, games, business cooperation, technology, IoT, සහ new OS යන categories සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට නියමිත අතර මෙහිදී New OS යනු OrginOS බව ඒ අනුව සඳහන් කල හැකි වෙනවා.

ඒ අනුව සුපුරුදු ලෙස Vivo X60 ජංගම දුරකථනය සමගින් මෙම නවතම Android Skin එක හඳුන්වාදෙනු ඇති බව බොහෝ දෙනා අනුමාන කරන අතර එය මෙම වසරේ දෙසැම්බරයේ දී හදුන්වාදෙනු ඇති බවටද විශ්වාස කෙරෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.